Friday, June 26, 2009

...ඒකත් ජය සිරි මංගලම්...



ඊයේ...ඒ කියන්නේ ජූනි 25 වෙනිදා මගේ හොඳම යාලුවා සිදත් රෝහණ කුමාර කසාද බැන්දානේ...ඉතින් මේ ටිකේම එකසිය ගානට වැඩ.ගෙදර එනකොට පහුගිය ටිකේම රෑ 12ත් පහු උනා.කොහොම හරි ඊයේ වැඩේ නම් නියමෙට තිබුනා.බැඳපු ගෑණු ළමයත් අපේ හොඳ යාලුවෙක්.නම රිද්මා.හෙට තමයි නිවසට පැමිනීමේ උත්සවය.අදත් ඉතින් උදේ ඉඳන්ම සිදතගෙ ගෙදර තමයි හිටියේ.මමයි,මිලානුයි,ලක්ෂිතයි,ධනුෂ්කයි,කෝසලයි,මේනකයි,සකුන්තයි,ආසිරියයි මෙකී නොකී යාලුවෝ සෙට් එකම මේ ටිකේ සිදත් ට උදව් කරා...මූ බැන්ද එක ගැන නම් මාර සන්තෝසයි.ඒත් පොඩි දුකකුත් තියනවා...මොකද අපි මෙච්චර දවසක් සෙට් උනේ උගේ ගෙදර.දැන් ඉතින් වෙනදා වගේ ඌට අපි එක්ක සෙට් වෙලා වල බැහැලා චාටර් වෙන්න බෑනේ...කමක් නෑ...කමක් නෑ...
----------------------------------------
අපි හැමෝගෙම ප්‍රාර්ථනාව ඔබ දෙදෙනාට දරු දැරියන් බොහෝමයක් ලැබ,නිදුක් නිරෝගීව,ජීවිතය පුරාවටම හිනාව,සන්තෝසය පුරවගෙන , යහපත් ආදර්ශමත් යුග දිවියක් ගත කිරීමට තෙරුවණ් සරණේ බලයෙන් හැකි වේවා ‍යන්නයි.

Sunday, June 21, 2009

කලකට පස්සේ...

කොහොමද යාලුවනේ....සෑහෙන්න කාලෙකින් ආයෙමත් ලියන්න ගත්තේ.මොකද කියනවනම් ලංකාවට ආවත් හරි අද තමයි අන්තර් ජාලයට හරියට ලොග් වෙන්න පුලුවන් උනේ.ADSL සම්බන්ධතාවය ලැබුනේ අද.මගේ අලුත් ගෙට දුරකතන සම්බන්ධ තාවයවත් තිබුනේ නෑ. නැත්නම් Dial Up වලින් හරි ලොග් වෙලා මොනවා හරි ලියනව. කියන්න,ලියන්න දේවල් ගොඩයි.අද ඉඳන් ආයෙමත් සෙට් වෙමු.