Saturday, February 28, 2009

නිදහස් කේථ මෙහෙයුම් පද්ධතියක් කරා පිය මැන්නෙමි...

ඊයෙ මම තීරණය කරා Windows Vista ට අමතරව වෙනත් මෙහෙයුම් පද්ධතියක් ගැන ටිකක් ඉගෙන ගන්න එක හොඳයි කියලා.ඉතින් මම හිතුව Linux මෙහෙයුම් පද්ධතිය දා ගත්තොත් හොඳයි කියලා.අපේ බ්ලොග් ලියන යාලුවො හුඟ දෙනෙක් Linux වල විවිද ප්‍රබේධ භාවිතා කරනවනේ.ඉතින් බයවෙන්න දෙයක් නෑ.උදව්වට යාලුවො ඉන්න නිසා Linux වර්ග කීපයක්ම බා ගත්තා.(Fedora,Ubuntu,Kubuntu,Puppy,Debin,Mandriva,PC Linux,Suse,Foresight,Sabayon)දැං ඉතින් Linux වර්ග කීපයෙන් මොකද්ද මට ගැලපෙන්නේ....මොකද කියනවනම් ඉතින් මම Linux වලට කෝඩු කාරයනේ...කෝඩු කාරය කිව්වට කෝඩුමත් නෑ.දැනට අවුරුදු3,4 කට කලින් මම Red Hat Linux CD 3 ක් අරන් ස්ථාපනය කරන්න ගිහින් තිබුනු Windows Xp ත් නැති උනා...හාඩ් ඩිස්ක් එක වෙන ෆයිල් ෆොඉමැට් එකකට මාරුවෙලා නිසා ආයෙමත් Partition ලිහල NTFS විදිහට Format කරල තමයි ගොඩ දා ගත්තේ.ඊට පස්සේ Linux දිහා බැලුවෙවත් නෑ.ඒත් මේ අපේ බ්ලොග් ලියන යාලුවො රස කර කර Linux ගැන කියන කොට මටත් නිකන් කිචි වගේ.ඉතින් මාත් බැස්සා Linux වලට.මේ වැඩේට හැමදාම වගේ මම උපදෙස් පැතුවෙ සමීර ශාකුන්තල සොයුරාගෙන්.
සමීර කියන්නේ ඕනම වෙලාවක මම නොදන්න දෙයක් කියල දෙන නියම කල්‍යාණ මිතුරෙක්.තමන්ගෙ වැඩ පාඩු කරගෙන හරි දන්න දෙයක් තව කෙනෙකුට කියා දෙන හිත හොඳ කොල්ලෙක්.සමීර මට Virtual Box එකේ තියන උබුන්ටු අයින් කරන විදිහයි,මට ගැලපෙන Linux එකක් තෝර ගන්න විදිහයි,ඒවට සිංහල දාන විදිහයි තව සෑහෙන දේවල් කියාදුන්නා....මම Linux වලට අලුත් නිසා ඉදිරියේදිත් සමීර සොයුරගෙන් උදවු ඉල්ලන්න වෙයි සමහර විට.කොහොම හරි අන්තිමට මම මගේ Laptop එකේ Vista තියන Partition එකෙන් 20GB කෑල්ලක් කඩලා දැම්මා Kubuntu Linux 8.10. XPදානවටත් වඩා ලේසියෙන්, ඉක්මනින් ස්ථාපනය වුනා.වැඩ කෑලි ගොඩයි.ඩෙස්ක්ටොප් එකේ අයිකන නම් පේන්න නෑ.ටිකක් අවුස්සද්දී හම්බවෙයි.පෙනුම නම් මාර ගති.
Youtube එකේ මම දැක්කා Folder නම්යශීලි වෙනවා...ඩෙස්ක්ටොප් 4ක් ඝනකයක් විදිහට පෙරලනවා... Leopard OS වල වගෙ ඩෙස්ක්ටොප් ටූල් බාරයක් තියනවා...Desktop එක Animate වෙනවා....තව තව වැඩ ගොඩයි.තාම ඒවා එකක්වත් හම්බුනේ නෑ.ටිකක් හොයල බලන්න ඔනි.මම අන්තර් ජාලයට යන්නේ wifi වලින්.තාම ඒකත් වැඩ නෑ.ඒකනම් නැතත් අවුලක් නෑ.වයර් ඒක ගහගෙන යන්න පුලුවන්නේ.වයර් එක ගහපු ගමන්ම අන්තර්ජාලයට ඉබේම ගියා.Skype බා ගෙන දා ගත්තා.මට හම්බුනේ පරණ එකක්ද මන්දා Video Call එහෙම Skype වල පේන්න නෑ.මෘදුකාංග වල නව යාවත් කාලීනයන් තියනවා කියලා පනිවිඩයක් ආවා.අත පත ගාලා කොහොම හරි 299Mbක යාවත් කාලීනයන් ස්ථාපනය කරා.සමීර සොයුරා Shiretoko දාන හැටි ලියල තිබුනනෙ බ්ලොගේ.ඒකෙන් බලලා දාගන්න පුලුවන් වෙයි.ටික ටික ඔහොම ගිහින් බලමුකෝ..මම මේ බ්ලොග් එක ලියන්නේ කාර්යාලයේ පරිගනකයෙන්.ලඟදීම කුබුන්ටු වල ඉඳන් සිංහල බ්ලොග් ලියන්න පටන් ගන්නව.Linux වලට මාව උනන්දු කරපු ඔබ සැමට ස්තුත්යි...


Publish Post

.

1 comment:

  1. අනේ මචෝ... ඔච්චර ගුණකථන මක්කටෙයි? කුප්පි කැම්පස්වලටම සීමා විය යුතු නැහැනෙ. ඉතිං ඕන වෙලාවක ඕන දෙයක් අහන්න... :D

    කුබුන්ටු වල සිංහල ස්ථාපනය ගැන කාලිංග ලියල තිබුණා. මට මතක නෑ මම ඒක උඹට එව්වද කියල. http://sinhala.kalingasblog.com/2008/12/06/installing-sinhala-unicode-support-in-kubuntu/

    Shiretoko ගැන නම් මම කියන්නේ... දැන්ම දාන්න එපා. ලිනක්ස් ටිකක් අතපත ගාලා පුරුදු වෙලා කරන්න ඒ වැඩේ.

    මගේ ළඟ Linux eBooks Collection එකක් තියෙනවා. Dialog HSDPA වලින් මිදී LEARN WiFi පහස ලබන්න පුළුවන් වුණ දවසක upload කරන්නම්. :)

    එහෙනං සහෝ... අපි කැපුනා... :P

    ReplyDelete