Friday, October 9, 2009

Google Chrome OS දාලා බලමුද?


හප්පේ...ඉතිං...ඕන්න ආයෙමත් පොඩි විවේකයක් හම්බුනා.හෙට සෙනසුරාදානේ.අපේ කොම්පැනියේ නම් ඉතිං අපරාදෙ කියන්න බෑ සෙනසුරාදා...පෝය කියලා බේදයක් නෑ
වැඩ..වැඩ...වැඩ....ඒත් මං ඕං දැම්මා හෙට නිවාඩුවක්.
---------------------------------------------------------------
මේ පාර විජය පරිගනක සඟරාවේ තිබුනා Google ලගෙ අලුත් OS එනව කියල.Linux පාදක වුනු මෙහෙයුම් පද්දතියක් කියලා තමයි තියෙන්නේ.නම Google Chrome OS ලු.මම නිකමට පොඩි සර්ච් පාරක් දාලා බැලුවා.වල බීටා සංස්කරනයක් තියනවා අත්හදා බලන්න.මේක අපේ යාලුවන්ට පරන පුස්කාපු නිව්ස් එකක් ද දන්නෙත් නෑ...කැමති ඇත්තෝ වෙත්නම් මේං මෙතන ඔබලා බා ගන්න.හැබැයි මේක Google නම පාවිච්චි කරලා හදපු හොර බඩුවක්ද දන්නේ නෑ...ඕන එකක් කියලා මම ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා.torrent එකක්.වෙබ් අඩවිය කියන හැටියටනම් මේක Live CD Mode එකේ run කරන්න බෑ.වෙබ් සයිට් එකේ පහල කොනේ චූටි අකුරින් මෙහෙමත් තියනවා.Chrome OS is not related to Google. Service provided by SUSE Studio. See the license.එත් SUSE Product එකක්නේ.අවුලක් නැතුව ඇති.වැඩේ අප්සෙට් නම් මටනං බනින්න එපෝ............හෙට මේක දාලා බලලා අලුත්ම තත්වේ වාර්තා කරන්නම්.මගෙ දුප්පත් ලැපට කෙල වේද දන්නෙත් නෑ...කමක් නෑ.රිස්ක් එකක් නොගෙන අත්හදා බැලීම් කරන්න බෑනේ...බැරිවෙලා හරි මේක මොකක් හරි හොර බඩුවක් නම් මල්ලිලා පොඩි කමෙන්ට් පාරක් දාන්න අමතක කරන්න එපා.එහෙනම් අදට මෙච්චරයි...හැමෝටම සුභ දවසක් වේවා...බුදු සරණයි...