Monday, January 11, 2010

නොලියාම බැරි නිසා ලියමි...

සිතුවිලි ගංගා බ්ලොග් අඩවියෙන් දේශපාලන කරුණු කාරනා නිතර මාර්තෘකා නොවුනත් මේ වකවානුයේ ලංකාවේ දේශපාලනය ගැනනම් කතා නොකරම බැරිය.මෙම ලිපියේ සියලු කරුණු මාගේ පුද්ගලික අදස්ය.කිසිවෙකුට මඩ ගැසීමේ පහත් අරමුණක් නොමති අතරම රට පත්ව ඇති අවාසනාවන්ත තත්වය ගැන හැඟෙන පරිදි ලියමි

අප රට තිස් වසරක් මුලුල්ලේ බැට කෑ කුරුරු යුධය නිමාවිය.එය නිමා වූවාද? එසේ නොමැතිනම් නිමා කෙරෙව්වාද?,එසේ නම් නිමා කරවූයේ කවුද?යන ගැටලුව මේ වන විට ජනාධිපතිවරණ සටනේ ප්‍රධාන මර්තෘකාව වී තිබේ.දහසක් තාඩන පීඩන මැද,කම් කටොලු මැද,දහසක් ජීවිත පරිත්‍යග මැද ලබා ගත් ජයග්‍රහනය මේ වන විට තුට්ටු දේකේ දේශපාලන රැස්වීම් වල උඩ දමමින් වෙන්දේසි වේ.යුද්ධය කෙරුවේ මං.ඒ නිසා මට චංදෙ දීපියව්"එකෙක් කියයි.අනෙකා"යුද්ධය කෙරෙව්වේ මමයි.ඒ නිසා මට චංදෙ දීපියව්" කියයි.මේ වෙන කවුරුත් නොව යුද්ධය නිමා කර රට එක් සේසත් කිරීමේ කාර්යයේදී අසමාන මෙහෙයක් කල,එදා සමඟිව සටන් වැද රට ත්‍රස්තයෙන්ගෙන් බේරා ගත් මහින්ද රාජපක්ශ මහතා සහ සරත් ෆොන්සේකා මහතාමය.දේශපාලනය නම් ජරා වලකි.එදා එකාවන්ව එකතුවී රට මුදවා ගැනීමට කැපවූ දෙදෙනෙක් අසමගි කර දෙපසට ඇද දමා එකිනෙකාට විරුද්ධව සටන් වදින බල අරගලයක් දක්වා ඇද දමන ලද්දේ මා පෙර කියූ නින්දිත දේශපාලනයයි.කොටින්ට කඩේ ගිය රටවල් දැන් පස්සා පැත්තෙනුත් අපට හිනා වනු ඇත.මොන යුද්දය දිනුවත් මුන්ට සමගියෙන් සිටිය නොහැකි බව ලොවටම හෙලි වී හමාරය.සරත් ෆොන්සේකා යනු මා ඉතා ගරු කල මහත්මයෙකි.නමුත් එක් වරම ඔහු කණපිට ගැසූයේ කෙසේදැයි මහත් ප්‍රෙහේලිකාවකි.ආණ්ඩුවෙන් ඔහුට සැලකුවා මදි යැයි යමෙකුට කිව හැකිය.නමුත් ඊට වඩා විශාල ගැටලු හමුවේ ඔහු නොසැලී කොන්ද කෙලින් තබාගෙන සිටියේය.. නමුත් කුහක දේශපාලනයේ පතුලටම වැටී සිටින රනිල් මහතා,මංගල මහතා,හකීම් මහතා සහ දේශපාලන කොටි වන දෙමල සංදානය,අනිත් කොටියා මනෝ ගනේශන් කියන රංචුවේ උසිගැන්වීම් කුනාටුවට කොන්ද කෙලින් තියාගෙන ඉන්න බැරි උනා.කොටින්ගේ සහ කොටි හිතවාදී රටවලින් මිලියන ගනන් සල්ලි විසි කරමින් ලංකාවේ ප්‍රතිරූපය හානි කරන්න ගහපු ගැටයට ෆොන්සේකා මහතා අහු උනේ රටේම අවාසනවටයි.මේ පාපයට රට දෙවරක්ම (1971,1989) ආපස්සට ඇද දැමූ ජනතා විමුක්ති පෙරමුනද සම්භන්ද වී සිටී.පොන්සේකා මහතාට අනුව යුද්ධය දිනවා තිබෙන්නේ ඔහුය.එසේ බලන කල යුද්ධයේ 100%ම බරපැන,ශ්‍රමය ආදී සියලු දේ දරා ඇත්තේ ඔහු නියොජනය කරන යුධ හමුදාවයි.ගුවන් හමුදාව සහ නවික හමුදාව සිදු කල අප්‍රමාන මෙහෙය කිසි දිනෙක ඔහු මතක් කරන්නේ වත් නැත.කොටි සෙවනැලි එකතු වී පොන්සේකා මහතාට පෙවූ විස කෙතරම් නම් ප්‍රබලද? යුද්ධය දිනෙව්වේ සරත් පොන්සේකා හෝ මහින්දරාජපක්ශ හෝ වෙනත් තනි පුත්ගලයෙකු නොවේ.මුලු මහත් සෑම සියලු දෙනාම ඒ සඳහා දායක වී ඇත.බිලිඳු දරුවා බොන කිරි කෝප්පයේ සිට අප කන බත් ඇටයක්,පරිප්පු ඇටයක් ගානේ බදු ගෙවමින් යුද්ධය කිරීමට මූල්‍යමය ලෙස දායක වීමු.කැප කිරීම් කලෙමු.සෑම සෙබලෙකුම තම උපරිමය දක්වා කැප හලහ.අත් පා අහිමි කරගත් හ.ජීවිත නැතිකරගත්හ.පොන්සේකා මහතාට ඒ සියල්ල අමතක වී ඇත.නැතිනම් අමතක කරවා ඇත.තම පණටත් වඩා පරිස්සම් කරගත යුතු යුධ රහස් මේ වන විට බල තන්හාව නිසා එකින් එක වමාරමින් සිටී.මොවුන් ජාත්‍යන්තරය ඉදිරියේ නිරුවත් කිරීමට සැරසෙන්නේ ලංකා මාතාවයි.

ලංකාවේ බිහිවූ දේශපාලකයන්ගෙන් මහත්මා දේශපාලනයක් කරේ අතලොස්සකි.එස්.ඩ්බ්.ආර්.ඩී.බන්ඩාරනායක මහතා,ඩී.එස්.සේනානායක මහතා වැනි අතලොස්සකි.රටට වැඩක් ඇති දේශපාලනයක් කලේ මා දකින ලෙසටනම් පුත්ගලයන් දෙදෙනෙකි.ඒ ආර්.ප්‍රේමදාස මහතා සහ මහින්ද රාජපක්ශ මහතාය.ප්‍රේමදාස මහතා රටට කල සේවය මෙන්ම අනෙකුත් ක්‍රියා කාරකම් මුලු රටම දනී.නායකයන් 6 දෙනෙකුට කල නොකැකි බව ඇඟවූ නමුත් කල හැකිව තිබූ යුද්ධය නිමා කිරීමට මඟ පෙන්වීමට මහින්ද රාජපක්ශ මහතාට හැකිවිය.පෙර ජනාධිපතිවරණයේදී ඔහුට ලබා දුන් චන්දය ගැන හදවතින්ම සතුටු වීමට මා හට එයම ප්‍රමානවත්ය.රට ජයග්‍රහනය කරා මෙහයවීමේ කාර්යය වසර 3ක් වැනි කෙටිකලකින් කලේය.සියලු රට වැසියන්ගේ දායකත්වයෙන් ජයග්‍රහනය කරා රට මෙහෙයවූවේ ඔහුය..රට දැවැන්ත සංවර්ධනයක් කරා මෙහයවීම ඔහුගේ නායකත්වයෙන් සිදුවිය.පොරොන්දු වූ පරිදි යුද්දය නිමාකරවීමට මඟ සැලැස්වීය.සීග්‍ර සංවර්දනයකට රට මෙහෙයවීය,'මතට තිත' සාර්ථකව කරගෙන යමින් තිබේ.රාජපක්ශ මහතාගේ අඩුපාඩු නැතුවා නොවේ.ඒවා නිවැරදි කරවීමට ඔහුව පොලඹවනවා මිස කකුලෙන් ඇද දමා රට අස්ථාවර කරවීමට මෙය සුදුසු වේලාව නොවේ.වීරයා නොවුනද ජයග්‍රහනය කරා රට මෙහෙය වූ නායකයා මහින්ද රාජපක්ශමය. පොන්සේකා මහතා දේශපාලන මඩ ගොහොරුවට පැන අවසන්ය.මෙවරද ලංකාවේ සිටියානම් දෙවරක් නොසිතා මහින්ද මහතාට චන්දය දෙමි.මට හැඟෙන පරිදි රාජපක්ශ මහතා සිය පලමු අවස්ථාව බොහෝ දුරට නිවැරදිව පාවිච්චි කරන ලදි.ඒ නිසා ඔහුට නැවත් අවස්ථාවක් දී ඉතිරි වැඩ ටික කරගෙන යාමට ඉඩ දී බැලිය යුතුය.රට හැදීමට හෝ කෑමට ඔහුට හිමි වන්නේ තවත් වසර 6ක් පමනි.එම වසර 6 තුල යම් සංවර්ධනයක් සිදුවේවි යැයි හැඟේ.මාගේ පුද්ගලික අදස් කෙසේ වෙතත්ජනතාව විසින් ඔවුන්ගේ මීලඟ සැබෑ නායකයා තෝරා පත් කර ගනු ඇත.ඔබ දෙදෙනාම රටට සම්පතකි.එක්වී සමගිව රට ගොඩනඟමු.ෆොන්සේකා මහතාටද රාජපක්ශ මහතාටද සුභ පතමි.

Friday, January 8, 2010

නොමිලේ ඊමේල්













ආයුබෝවන්ඩ හැමෝටම.ගෙවල් හදන්න උනන්දු වන අයට අත්තිවාරම් ගැන ලිපියක් සකස් කරමින් ඉන්න අතරේ මට ලඟදි හම්බුනු අලුත් ඊ මේල් සේවාවක් ගැන ලියන්න හිතුනා.සමහර විට අපේ යාලුවො මේක දන්නවත් ඇති. google,yahoo ඊ මේල් වල නිකං කොමන් ගතියක් තියනවනේ.වෙනසකටත් එක්ක මේක අත්හදා
බලන්නකෝ...www.gmx.com .මේ නොමිලේ ඊමේල් සපයන්නා ගෙන් 5GB වෙබ් ඉඩක් සෑම සේවා දායකයෙක්ටම ලබා දෙනවා.ඔවුන් කියනවා වෙබ් මේල් සහ ඊමේල් යන පහසුකම් දෙකම සපයන බව. (මම ඔය දෙකේ වෙනස නම් දන්නේ නෑ....මෙචර කල් හිතාගෙන හිටියේ දෙකම එකයි කියලා...කවුරු හරි දන්නවනම් පහාදලා දෙන්න ).GMX වල එකවුන්ට් එකට නොයෙක් ගැජ්ට් එකතු කරගන්න පුලුවන්.ඊමේල් පිටුවෙම facebook,games වගේ ගොඩක් දේවල් එකතු කරගන්න පුලුවන්.තව දෙයක් තමයි gmail වල නොතිබෙන, ඊමේල් පසුබිමට පින්තූරයක්(Background picture) එකතු කිරීමේ හැකියාව.මේකේ තියනව....(ඒකත් පුලුවන්ද දන්නේ නැ.....මට නම් අහු උනේ නැ....) GMX ලගෙන් මුදල් ගෙවලා ඊමේල් ගිණුමක් ලබා ගන්නවනම් ඔබ ගෙවන මුදලෙන් ඩොලර් 1 ක් අප්‍රිකාවේ වෙසෙන දිලිඳු දරුවන්ගේ සුභ සාදනය වෙනුවෙන් යුනෙස්කෝ සංවිධානයට බැර කරනවලු.කැමතිනම් ඒ පිං කමටත් දායක වෙන්න පුලුවන්.(ආ....තව දෙයක්....කවුරු හරි මට කියනවද බ්ලොග් එක මාතෘකා වලට වර්ගීකරනය කරන්නේ කොහොමද කියලා...මගේ බ්ලොග් එක අච්චාරුව වගේ වෙලා.....)

Friday, January 1, 2010

හැමෝටම සුභ නව වසරක් වේවා...

ශාකුන්තල. මේ ඔබේ අවදානයට...


මට කටක් ඇරලා කියන්න ලැජ්ජයි....ආයිබොවන්ඩ පෙරේදා තමයි ශාකුන්තලය කරල තියන හදිය හරියටම දැන ගත්තෙ.මොකද කියනවනම් අන්තර් ජාලේ මෙහේ හරි අවුල්.කොහොමද හිමිජ්ජා වාගේ ඉඳලා දීලා තියෙන ගේම?මං මේ මුකුත් වැරැද්දක් එහෙම කියනව නෙමේ.මං කිව්වේ මේ අපේ ශාකුන්තල මලයට ,හොඳම බ්ලොග් අඩවියට හම්බුන සම්මානය ගැන.ජංජාලේ නිතර සැරිසරන්න වෙන්නේ නැති නිසා මට ඔය පයින්ඩෙ දැනගන්න ලැබුනේ පෙරේදා රෑ.පස්සෙං පහු හරි සුභ පැතුවෙ නැත්නම් ඒක ලොකු අඩුවක් කියල හිතුන.අපරාදේ කියන්න බෑ ඕකා හොඳ එකා.ශාකුන්තල මලය නිසා තමා මාත් ඔය ඉඳලා හිටලා හරි මොනවා හරි දෙයක් ලියලා අන්තර්ජාල ජංජාලෙට දාන්නේ.ඉතිං මලයෝ...ඔය කොරගෙන යන වැඩ පිලිවෙල තව තවත් සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනව.ඒ වගේම ජනවාරි 1 වෙනිදට අලුත් වැඩක් පටං ගන්නවා කියලත් මයේ කනට වැටුනා....ඒවත් සුපිරියටම කරගෙන යන්න හැකියාව ලැබේවා...ඕං මං බැස්සා...