Friday, January 30, 2009

අහිමි උනු ජීවිතය...


ගොඩනැඟිලි, මිල මුදල්...

සුවිසාල මන්දීර...

දහසකුත් විච්චුරන,

අනග සුර පුරක මැද...

තනි උනා ජීවිතය...

හඬමි කෑ ගසා ඉල්ලා...

අහිමි උනු ජීවිතය...

Wednesday, January 28, 2009

"Benjamin Button"

ඔන්න අද කියන්න යන්නේ නියම චිත්‍රපටියක් ගැන.මේකෙ නම "Benjamin Button" .ප්‍රධාන නලුවා "Brad pit" .මතක ඇතිනේ Troy ,Mr & Miss Smith ,Fight Club ,වගේ ඔහුගේ ජනප්‍රිය උනු චිත්‍රපටි. "Benjamin Button" කියන චිත්‍රපටිය හරිම අමුතුම කතාවක්.ජීවිතය අවසානයෙන් ආරම්භ කරපු පුද්ගලයෙක් ගැන තමයි මේකෙන් කියවෙන්නේ.මෙවර ඇකඩමි සම්මාන 11 සඳහාම නාම යෝජනා උනු එකෙන්ම හිතා ගන්න පුලුවන්නෙ චිත්‍රපටිය කොහොමද කියලා.මගේ කැමතිම චිත්‍රපටි කීපය අතරට ගිය සතියේ එකතු උනු අලුත්ම ඒක තමයි මේ. මම නම් DVD එකක් අරන් තමයි බැලුවේ.මම හිතන්නේ torrent වල ඇති. මම torrent වල නම් බැලුවේ නෑ. නැතිනම් DVD එකක් සල්ලි වලට අරන් බැලුවත් පාඩු නෑ...

අමතකවීම




ගිනි ගහන කාන්තාරේ...

කාසියට ලොබ බැඳන්...

යනෙන මඟ වරද්දා...

මවක යැයි අමතකව...

බිරිදකැයි අමතකව...

යුතුකම් ද අමතකව...

උයන් කොන කෙලවරේ...

තුරුණු දෑතක වෙළී...

පෙම් කෙලින

අපූරුව...

Tuesday, January 27, 2009

ආතාගේ විත්ති (1)

"කොල්ලෝ....මෙහෙ වරේං...."
ඔන්න අපේ ආතා කෑමොර දෙන්න පටන් ගත්තා... බලමු.
"ඇයි ආතේ...."
"බලාපං මේ අටම්පහුරෙ මීටරේ අහුවෙන්නේ නෑ බං.ප්‍රෝත්ති යන්නත් කිට්ටුයි ඇබිංදක් බලාපංකෝ...."
"ඉන්න බලන්න...හික්.ආතේ...මේකේ ඇන්ටෙනා වෑර් ඒක ගැලවිලා.හිටින්න ඩිංගක් හයි කරනකං"
ආතාගේ රේඩියෝව මං හිතන්නේ මාර්කෝනි මහත්තය රේඩියෝව හොයාගන්නත් කලින් ගත්තු එකක්ද කොහෙද.සයිස් එක මෙන්න...දිග අඩි 3 පලල අඩි 2.
"අංහ් දැං කොහොමද ආතේ...."
කර්ක්‍රාස්...ක්‍රීං...බී..ප් කුරුං......ස්....."ඔය අහු උනේ පුතේ නොම්බර එකට....හි හි.හි..."
ආතගේ මූනෙ මල් හතයි.ආතට කික් නම් ඉතින් මටත් කික්ම තමයි.
"මං වත්ත පල්ලෙහාට යනවා ආතේ..."
ඕං මම මාරු උනා...
"මැණිකේ...මැණිකේ...ලොක්කෝ...පුතේ...කෝ යකෝ.. මුං කවුරුත් නැද්දෝ...."
ඒ පාරනම් ලොකු අවුලක් වගේ...කිරි අම්මයි මහප්පයි කමත දිහාට ගිය නිසා මම විතරයි ගෙදර උන්නේ.
"ඇයි ඇයි ආතේ...."
"හෑහ්...හෑහ්...කොල්ලෝ...යකෝ අපේ කොල්ලො සැට් ඒක මුලතිව් අල්ලලා...ඔව් බං මුලතිව්,,, මුලතිව්."
ඒක නම් නියම නිවුස් එකක් තමයි.මගේ ඇගත් නිකං කිලිපොලා ගියා සන්තෝසෙ වැඩි කමටම..
"හැබෑද ආතෙ?බොරු එහෙම නෙමේ නේද?"
"අහවල් කෙංගෙඩියටද බොල උඹට කෙපර ඇද බාන්නේ...මේ දැං ජනාදිපති උත්තමය කතා කොරා බං"
"ඉතින් ජනාධිපති තුමා මොකද කියුවේ...."
මටත් දැන් විස්තරේ දැනගන්නකම් ඉවසුමක් නෑ...
"අපේ කොල්ලොටික එක පාරටම සුටුස් ගාලා පැනල වටේටම ගහලා ටවුමම අල්ලලා...එහෙනං....තව හැතැම්ම 15,20 කෑල්ලක් විතරයිලු අල්ලගන්න තියෙන්නේ....ඕක මොකද්දෑ...පල්ලෙහා ලියැද්ද තරංවත් නෑ බං"
ආත කෙපර විදිනව සංතෝසෙටද කොහෙද.ෆුල් පොසිටිව් තින්කින්.
"නෑ මං කිඋවේ අපේ කොලුපැටවුන්ට ඕක මේලියැද්ද තරං වත් නෑ කියලා...."
ආතාම බොරුව නිවැරදි කරා...
"පහුගිය දොහේම අපෙ පැටව් ගහපු ගැහිලි බලනකොට... මේ යුද්දෙ තවවැඩි කාලයක් හිටිනෙකක් නෑ බං. ඕං බලාපං මං හූනා කියන්නා වාගෙ කියන්නං මෙදා නිදහස් දොහේ වෙනකොටනං පුතෝ දෙකින් එකක් ඉවරයක් කොරනව..."
මටත් ඉතින් ෆුල් දේශප්‍රේමයනේ...දුන්නා ආතට විසිල් පාරක් සමගම හුරේ පාරක්.කිවුවත් වගේ මෙදා නිදහස් දිනේ සැබෑම නිදහස් දිනයක් වෙන්න කියලා හිතෙන් හිතුව...
"2007 අවුරුද්දේ උඹට මතක ඇතිනේ...මාවිල් ආරු සොරොව්ව වහං ඔකුං නටපු නාඩගම.අපේ කොල්ලො එදා දෙන්න ගත්තු බැස්ටිය ඕං මූලතිව් වෙනකම ඇවිත්.හිටහං මං මතක් කොරන්ඩ...ම්...ඉස්සෙල්ලම වාකොරේ...ඊට පහු අපේ...මේ...මාවිල් ආරුව..ඔහොම ටිකටික මුලු නැගෙනහිර පලාතම..ඔන්න පුතේ...කොටි රැල පහු බහිනවා තොප්පිගලට"
ආතා බලා හිටියා වගේ විස්තරය දෙනව...
"අපේ කොල්ලො ගැහැව්වා නොම්බර එකේ පැලෑනක්...වට කොරේ නැතෑ තොප්පිගල කැලෑවම."
මටත් කට පියා ඉන්නබැරි නිසා දැම්මා ආතට උදැල්ලක්
"ඒ දවස් වල කතාවක් තිබුනේ තොප්පිගල නම් අල්ලන්න හම්බෙන්නෙ නෑ කියලා"
"එහෙනං ඔය අල්ලුවේ...උඹත් ඔය එක එකාගෙ බේගල් මුදුනේ තියාගෙනම හිටු.එක එක අවජාතකයො කිව්වා තමයි, හතිලව්වේ...රට රාජ්ජ් වල ගොහින් ඉගෙනගත්තු උඹලත් මෙව්වා විස්වාස කොරන එකනේ වැඩේ"
ආතට අසූ හාරදාහට මල පැන ලා...
"නෑ නෑ ආතෙ..මම ඕව විශ්වාස කරන්නෙ නෑ..."
යන්තං ශේප් උනා...
"මං කිය කියා උන්නේ...ආ..ඔන්න අපේ කොලු පැටව් තොප්පිගල ඇල්ලුව....මතකද ගිය වංගියේ නිදහස් උස්සවේ තිබ්බේ තොප්පිගල පේන මානයෙ..හි...හි..ඕං ඊට පස්සේ අපෙ උං මඩු ඇල්ලුව...එතනිං පහු පුනරීන්...කොහොමද වැඩේ....ඔන්න ඊලග එක තමයි උන්ගේ මහලොකු මූලස්තානේ කියගතපු කිලිනොච්චිය....පුහ් අපේ සමහර කාලකන්නිත් උන්ව පුම්බලා තියපු තරං...දුන්නා පුතේ ඇස්ටි හැලිලා බැස්ටි බහින්නම..."
ආත දෙනව විස්තර ප්‍රචාරේ ටෝනි ග්‍රේග් වගේ...නියමයි...
"ඉතින් ඊට පහු ඇල්ලුවා අලිමංකඩ, ඉරනමඩු, ඕන් දැං මුලතිව්....කොහොමද් සිංහ පැටවුන්ගෙ වැඩ කිඩ?"
"ඇයි ආතෙ උන්ගේ ප්ලේන් තාම හම්බුනේ නැතේ..."
"ඔන්න ආයෙම කිව්වා කතාවක්...ඇයි බං අහස් යාත්තරා ඇල්ලුවේ නැති උනාට ඔය ඇල්ලුවේ ඔය කෙහෙම්මල් නවත්තන තැන් 6ක්ම...හිහ් හ්හ්...අපෙ කොල්ලන්න්ට ඕවත් වැඩද බං.අපේ එයා පොර්ස් කොල්ලො අහලකින් වත් තිබ්බෑකිද ඔය කොටි හැතිකරේ.අපෙ කොල්ලො අහස්යාත්තරා පදිනව පුතේ...නිකං විදුලිය වගේ...මේ සද්දේ ඇහෙනව.. බඩු පේන්නත් නෑ...සැටැස් ගාලා කොටින්ට ගහලත් එනව...අපේ අහස් යානා පදින කොල්ලො කහට කෝප්පේ වක් කරලා ඕක නිවෙන්න කලිං උඩහට ගිහිං කොටින්ටත් ගහලා...දකුනු ඉංදියාව පැත්තේ රවුමකුත් ගහලා...උන්ටත් කොකා පෙන්නලා එනවලු තේ එක බොන්න...ඔන්න අපෙ කොල්ලංගේ වැඩ."
(ආතා නයි දෙයියා....)
"ඇයි අපෙ නේවි කොල්ලො...නැවුම 11ක් ගිල්ලුවනෙ ඕකුන්ගේ.බලමුකෝ ඉතින් හැතැම්ම දාස් ගානක් ඈත මූදෙ ඉලක්කෙටම හරියට ගහන හැටි....මටත් නියමෙට ඉලක්කෙ ගන්න පුලුවන් පුතේ...."
"ඈ...ආතතට වෙඩි තියන්නත් පුලුවන්ද?"
"නෑ බං නෑ...කැට පොල්ලෙන්.....හිටහංකෝ කියල ඉවර වෙනකං පනින්නෙ නැතුව...බලාපං මෙච්චර දස්ස අපෙ කොල්ලන්ගේ ඔලුව අවුල් කොරන්න කී දෙනෙක් වලි කනවද?ඇන්.ජී.ඕ කාරයො එහෙන් තටමනව...උන් ගෙන් සල්ලි ගන්න අපේ දේසපාලුවො සැට් එකක් එහෙන් තටමනව...මෙච්චර කාලයක් යුද්දෙ විකුනගෙන කාපු උන්ට මේ යුද්දේ ඉවර වෙනවා පේන්න බෑ.බලපං විපස්සේ උන්ට හැමදාමත් බඩ පෙරට-රට පහුවට...තුහ් විතරක් බඩජාරී හැතිකරය.මොන අඩුපාඩුව තිබුනත් මේ වගේ වෙලාවකවත් අපේ උං ටිකවත් එකතුවෙන්ට එපායැ බං.හැබැයි පුතෝ මොන බාදකේ ආවත් අපේ කොල්ලෝ මෙදා පොටේ ඔය කොටි කියාගන්න නරි රැල ඉවරයක් කොරල සිංහල දෙමල මුස්ලිම්...එතනින් ගියාම...බර්ගර්,මැලේ...අපි ඔක්කෝටම සමගියෙන් ඉන්න පුලුවං රටක් හදනව...ඒකාන්තයි....තව බොහොම ටික දොහයි....මටත් නිදහස් රටක ඉදං ඇස්දෙක පියා ගන්න තිබුනොත් ඒ ඇති...
කතාවෙං කතාව අමතක උනා පුතේ...පිලිකන්නේ සෝක් හතු ටිකක් පිපිලා තියනව...මං කඩාගෙන එඤ්ඤං රෑ වෙන්ට කලියෙං...උඹත් ඉතින් බිම් මල් කන්න රුසියනේ...."
ආතා ගියා හතු කඩන්න...හැබෑවටම ආතාගෙ කටේ මසුරන් දාන්න ඕනි කිව්ව දෙවල් වලට....ගමේ පිටිසර ඉන්න අපේ ආතාට තේරෙන ටික අපේ සමහර දේසපාලුවන්ට නොතේරෙන ඒකනේ වැඩේ....ලබන මාසේ පඩියෙන් ආතට FM තියන අලුත් රේඩියෝවක් ගෙනත් දෙන්න ඕනි....මාත් යනවා ඇග පත ටිකක් හෝදගන්න ඇල දිහාට...

Sunday, January 25, 2009

"හදවතින් අප යුධ බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ"

මුලතිව් අවසන් කොටි බලකොටුවත් බිද හෙලූ අපේ වීර සෙබලුනි...තෙරුවන් සරණින්,සියලුම මව් වරුන්ගේ,පිය වරුන්ගේ,සොයුරු සොයුරියන්ගේ ආශිර්වාදයෙන් අපේ ආයුශද ගෙන මේ කාලකන්නි කොටි හැතිකරය අතුගා දමන්න.සටනේදී මියගිය සෙබල පුතුණි...මේ සිංහල දෙරණ සදා ඔබ ඉදිරියේ දෙදණ නමාවි...මහ පොලොව වීර ඔබ සැමට සදා ණය ගැතියි...මුලු ලක් දෙරණේ සියලුම ජනතාව ඔබ සැමට ණය ගැතියි... ජාතියේම උත්තමාචාරය ඔබටයි රණවිරුවනි...

"හදවතින් අප,
යුධ බිමේ ඔබ...
තනි කලේ නැත කිසි දිනේ"

Monday, January 19, 2009

බොලිවුඩ් උණට නියම බෙහෙත...

කොහොමද ඉතින්?හැමෝම කිසිම කරදරයක් නැතුව ඉන්නවා කියල හිතනවා.පහුගිය දවස් ටිකේ අපෙ සිංහල කියවනයේ පොඩි අවුලක් තිබුනා.දැන්නම් කිසිම අවුලක් නෑ.ඒකට මහන්සි උන මහත්තුරුන්ට බොහෝම පින්.
මට මේ ලගදි යාලුවෙක් දුන්නා නියම වෙබ් අඩවියක්.මේකෙ ඕනිම හිංදි චිත්‍රපටි ගීතයක් තියනව බාගත කරගන්න.වැඩේ සිද්ධ වෙන්නෙ සම්පූර්නයෙන්ම නොමිලේ.මම නම් හිංදි සින්දු අහන්නෙ කලාතුරකින්.ඒත් මම හොය හොයා හිටපු පරණ හින්දි සින්දු ටිකක් මේකෙන් මට හම්බුනා.දෙයක් තනියම රස විදිනවාට වඩා සෙට් එක ඒක්කම බෙදාගෙන රස වින්දිනකොට ඒකේ කික් එක වැඩියි කියනවානේ.....(හැම දේම නෙමේ මචෝ....සමහර ඒවා විතරයි...)මෙන්න මේකයි සයිට් එක. http://www.mp3hungama.com/මේකෙ හරිම පහසු විදිහට සිංදු ඛාන්ඩ කරල තියනව, හොයාගන්න ලේසියි.කියන්න අමතක උනා මේකෙ තියනවා මේ ලගදි ජනප්‍රිය උන හිංදි චිත්‍රපටි 3ක් බාගන්න(Rab Ne Bana Di Jodi, Ghajini , Dil Kabaddi ).මම නම් බෑව.කියලා තියෙන්නෙ DVD කොපි කියලා.ඒත් තියෙන්නෙ කැමරා කොපි.ඒත් එචරම අවුලක් නෑ වගේ.ඔයාලම බලන්නකෝ.එක්කම තවත් ඒකක් හම්බුනා. http://beemp3.com/ මෙකත් මම හිතන්නෙ හිංදි සින්දු හොයන Search Engine එකක් කියලා.මේකනම් වැඩිය අවුස්සලා බැලුවෙ නෑ.ඔයාල බලලා මටත් කියන්න.කියවපු, නොකියවපු හැමෝටම ස්තුතියි.

කවුරු හරි පින්වතෙක් ඉන්නවානම් මට කියා දෙන්න, බ්ලොග් අඩවියට ආපු අය කීදෙනෙක් ද කියලා ගනින මීටරයක් මගේ බ්ලොග් එකටත් දා ගන්නේ කොහොමද කියලා...අදට මෙච්චරයි...

Saturday, January 17, 2009

සෙබලානනේ...



දැවෙන රණ බිම ගිගුම් මැද්දෙන්
පරෙවි තටු හඩ ඇසේ ඈතින්
යමව් නොනැවති ඉදිරි දැක්මෙන්
රකිනු මැණ තිසරණින් විරුවන්



මවුට සම ඇති උතුම් දෙරණේ
එක රටක්තුල දකින සිහිනේ
පිණට පුත නුඹ රුහිරු සැලුනේ
පොළොව ණය ගැති නුඹට පුතුනේ

Friday, January 16, 2009

Auto CAD පලවෙනි පාඩම (1)

සිංහලෙන් බ්ලොග් ලියන ඒකේ තියන ලොකුම වාසිය තමයි ඉංග්‍රිසියෙන් කියවලා අවබෝධ කරගන්න බැරි හුගක් දේවල් අපිට අපේ භාශාවෙන්, ඒ කියන්නෙ සිංහලෙන් කියවල අවබෝධ කරගන්න පුලුවන් එක.ඉතින් මට හිතෙන්නෙ මේ වෙබ් ඉඩ ප්‍රයෝජනවත් දේකට යොදාගතොත් හොදයි කියල.අපි දන්න දේවල් අනිත් අය අතර බෙදා ගන්න වගේම අනිත් අය දන්න දෙවල් කියවල අපෙ දැනුම පුලුල් කරගන්නත් තියන හොදම මාධ්‍යයක් මේක.මොකද ලංකවෙ පරිගනක පාවිචි කරන හැමෝටම ඉංග්‍රිසි හොදටම බෑනේ...
අද මට හිතුනා Auto CAD ගැන විස්තර ටිකක් ලියන්න.මම කලින් පොරොන්දු උනානෙ Auto CAD ගැන ලියනව කියලා.මම පරිගනක පාවිචි කරන්න මුලින්ම පටන්ගතෙ මීට අවුරුදු 8 ට කලින් ඒ කියන්නෙ 2000 විතර.මම ප්‍රෝග්‍රැමින් ලැන්ග්වේජ් ඒකක් ඉගන ගන්න සෑහෙන්න උත්සාහ කරා.හරි ගියේ නැඇ.අහම්බෙන් වගෙ අපෙ අම්ම දාපු ඉලුම්පත්‍රයකට මට කාර්මික විද්‍යාලයේ සැලසුම් ශිල්පය හදාරන්න හම්බුනා.පස්සෙ මට පොඩි රැකියාවක් හම්බුනා කඩවත පැත්තෙ.එතන හිටපු මහානාම කියන අයියගෙන් තමයි Auto CAD ටිකක් අහගත්තේ.පස්සේ වෙනත් ජපන් සමාගමක Draughtsman කෙනෙක් විදිහට මට ජොබ් එක හම්බුනා.එතනින් තමයි 2D සහ 3D හරියටම ඉගෙන ගතෙ.දැන් වසර 4 ක් පමණ වැඩ කරන්නෙ එතන.හදිස්සියේම ඩුබායි ශාඛාවට මාරුවක් හම්බ උනා.දැන් ඒහේ ඉන්නෙ.
Auto CAD කියන මෘදුකාංගය හදල තියෙන්නෙ ලොව සුපිරි මෘදුකාන්ග නිශ්පාදන අයාතනවක් වන Auto Desk (http://www.autodesk.com/) ආයතනය විසින්.සුප්‍රසිද්ධ 3D Max සහ Maya කියන මෘදුකාංගත් නිපදවන්නේ මොවුන්ගොඩනැගිලි ඉදිකිරීම්,විදුලිමය ඉදිකිරීම්,කාර්මික ඉදිකිරීම් ආදී ක්ශේස්ත්‍ර වලදී මුලින්ම කරන්න කාර්යන්ගෙන් එකක් තමයි ඉදිකිරීම් සැලසුම් සකස් කිරීම.මේ සැලසුම් ඉස්සර නම් අතින් තමයි ඇන්දේ.Auto CAD කියන්නේ ඒ වෙනුවට ආපු පරිගනක මෘදුකාන්ගයක්.මෙහිදී ඉතා පහසුවෙන් ද්වීමාන(2D) හෝ ත්‍රිමානව(3D) සැලස්මක් අදින්න පුලුවන්.ගෘහ නිර්මාන සැලසුම් කිරීමට, electrical , Mechanical නිර්මාන සැලසුම් කිරීමට නම් Auto CAD තමයි හොදම සහ ලේසිම.හැබැයි අති සූක්ශම යන්ත්‍ර කොටස් එහෙමAuto CAD වලින් ත්‍රිමාන කරනවාට වඩා Solidworks (http://www.solidworks.com/) වගේ මෘදුකාන්ගයක් යොදා ගන්න ඒක හොදයි.
ඉස්සෙලාම අපු Auto CAD ඒකේ නම Release 1.ඒ 1982 අවුරුද්දෙ.ඊට පස්සෙ Release 2 සිට Release 14 දක්වා ආවා.Release 14 ආවේ 1997 අවුරුද්දේ. Release 14 න් පස්සෙ Release කතාව අයින් කරල Auto CAD 2000 කියල එලියට අවා 1999 අවුරුද්දෙ මාර්තු මාසේ.ඒක සෑහෙන්න ජනප්‍රිය උනා.ඉන් අනතුරුව අවුරුදක් පාසාම නවීකරණය වෙමින් අලුත් අංග එක් වෙමින් 2002, 2004, 2005, 2006, 2007, 2008ලෙස එලි දැක්වුවා.දෑනට තියන අලුත්ම එක 2009.සාමන්යෙන් Auto Desk මෘදුකාංග ටිකක් ගනන් වැඩියි. Auto CAD 2009 ඔරිජිනල් ඒකක් ගන්නවනම් $750 විතර වෙනව.එහෙම ගන්න අපිට කෝ සල්ලි? ලංකවෙදි නම් මෘදුකාංග ඒ තරම් ප්‍රශ්නයක් නැඇ.රු 150-200 අතර මුදලකට ඕනි ඒකක් ගන්න තියනවනේ.මම ඉන්න U.A.E වගෙ රටක වැඩේ අමාරුයි.ඔක්කොම ඔරිජිනල් මෘදුකාංග. ලැප්ටොප් එකක් ගනිදි උනත් ඒකෙ windows vista (or another) ඔරිජිනල් කොපියක් තියනව.හොර කොපි කඩෙන් ගන්න අමරුයි.ඉතින් මම torrent පිහිටපැතුවා. http://www.torrentz.com/ ඒකෙ බඩු තිබුන.බෑව.බාන්න දවස් 2ක් විතර ගියා.Torrent වල සමාන්‍යයෙන් වයිරස් පිරිලනෙ.වෙලවට මේක අවුලක් නෑ.මේකෙ Crack එකත් තියනව.install කරන ඒක එචරම අමරු නෑ.

1. මුලින්ම Auto CAD 2009 එක ඩබල් ක්ලික් කරන්න.එවිට නිශ්තිත තැනකට දත්ත ගොනු දිගහැරෙයි.ඔයාලට ඕනි තැනක් බ්‍රව්ස් කරල පෙන්නනත් පුලුවන්.




2. දිග ඇරුනට පස්සෙ ඉබේම install වෙන්න පටන් ගනිවි.මේකට ටිකක් වෙලා යයි.පින්තූර ටික බලන්න.








3. දැන් Auto CAD ක්‍රියාත්මක කරවන්න.මෙවර තියන අයිකනය ටිකක් වෙනස්.3D විඩිහට රතු පාටින් තමයි තියෙන්නෙ.(මීට කලින් රතු පාට අයිකනයක් තිබුනෙ Auto CAD 2000). එතකොට අහවි තවකාලික දින 30කට පමනක් ක්‍රියත්මක කරන්නද, නැත්නම් Activate කරන්නද කියල."Activaie the product"යන්න තෝරන්න. 'Next' කරන්න.



4. දැන් 'Request code' යන්න කොපි කර ගන්න.මේ ලැබෙන අංකය පරිඝනකෙන් පරිඝනකෙට වෙනස්.ඒක හැදෙන්නෙ පරිඝනකයටම ආවේනික Network Card ඒකෙ හදුනා ගැනිමේ අංකයට අනුවලු.(වැරදිනම් නිවැරදි කරන්න )




5. දැන් Crack ලිපි ගොනුවට ගිහින් 'xf-acad9' ක්‍රියත්මක කරන්න.ඒහි අති 'Request code' ස්තානයට පෙර කොපි කරගත් අංක ටික දමන්න.



6. 'Generate' බොතම ඔබලා ලැබෙන Activation Code අංකය නැවත කොපි කර Auto CAD හි 'Enter An Activation Cade'යන තැනට paste කරන්න.






7. Next කරන්න.හරියට වැඩේ සිද්ද උනා නම් "Thank you for Registering and activating you'r product"කියලා පෙනෙයි.දැන් Finish බොත්තම ඔබන්න.සුලු මොහොතකින් Auto CAD 2009 ක්‍රියාත්මක වේවි.




උවමනා කෙනෙකුට Crack එකනම් මට ඊ මේල් මගින් එවන්න පුලුවන්.ඒත් Auto CAD 2009 මෘදුකාංගයනම් එවන්න අපහසුයි.ඒක 1.2 GB.ඔන්න Auto CAD 2009 install කරා.මට පුලුවන් විදිහට තමයි විස්තර කරේ.අවුලක් නම් ඊ මේල් ඒකක් එවන්නකෝ.නැත්නම් කොමෙන්ට් එකක් දාන්න.
ඊලග දවසේ බලමු කොහොමද Drawing එකක් අන්දින්න පටන් ගන්නෙ කියලා...කියවපු හැමදෙනාටම ස්තුතියි.කියවලා තේරුම් ගන්න අමාරුනම් මගේ skype එකට කතා කරන්න (skype ID "thrilanka").සුභ දවසක් වේවා...

film පිස්සුව තියන අයට...

අද මට හිතුනා film පිස්සුව තියන අයට film නොමිලේම බා ගන්න විදිහ ගැන විස්තර ටිකක් ලියන්න.හුගක් අය මේක දැනටමත් දන්නව ඇති.ඒත් නොදන්න අයට දැනගන්නත් ඒක්ක ලියන්නම්.මොකක් හරි අවුලක්,වැරැද්දක් තිබුනොත්ම් මාව නිවැරදි කරන්න.

1.Lime ware (http://www.limeware.com/)

මේක චිත්‍රපටි,mp3ගීත,මෘදුකාංග ආදී ගොඩක් දේවල් බා ගත කරන්න පුලුවන් file sharing ගනයේ මෘදුකාංගයක්.හැබයි මෘදුකාංග බාගත කිරීමේදී වයිරස් ගැන පරිස්සම් වෙන්න.ඉහත තියන ඈදුමෙන් ගිහින් මෘදුකාන්ගය නොමිලේම බා ගන්න පුලුවන්.සාමාන්‍යය විදිහට ස්ථාපනය කර ගන්න.ඊට පස්සේ කැමති චිත්‍ර පටියක් එහෙම තියනවනම්, Video කියන ටැබය තෝරගෙන චිත්‍රපටියේ නම හරියටම ඇතුල් කරලා Search කරන්න.සෙවුම් ගනනාවක් පෙනෙන්න ලැබෙයි.මේ පෙන්නන්නේ මේ මෘදුකාන්ගය භාවිතා කරමින් සිටින අය සතු,ඔබ සෙවූ චිත්‍රපටියයි.වැඩි දෙනෙක් ඇති තැනකින් බා ගත කර ගන්න.මේකෙ තියන වැදගත් දේ නම් 1% විතර බා ගත උනාට පස්සේ ඒ ටික play කර බැලිමේ අති හැකියාවයි.ඉතින් හොද කොපියක් නෙමෙයිනම් මකල දාල වෙන තැනකින් උත්සාහ කරල බලන්න.මේ විදිහට mp,වීඩියෝ ගීත බා ගන්න පුලුවන්.මම මේ මෘදුකංගය පාවිච්චි කරලා චිත්‍රපටි 200 ටත් වඩා බගත් කරලා තියනවා.99%ම හොද කොපි. avi fomat ඒකේ ඒවා අනිත් ඒවට වඩා දෘෂ්‍ය තත්වයෙන් උසස්...

Monday, January 12, 2009

…සොයුරු සොයුරියනී…

ඔන්න මටත් හිතුනා බ්ලොග් එකක් සිංහලෙන් ලියන්න.මේකට මට සමීර ශාකුන්තල සොයුරා ගොඩක් උදව් කරා.මට සිංහලෙන් ලියන විදිහ කියල දුන්නෙ සමීර සොයුරා…ඉතින් සමීර සොයුරට හද පිරි ස්තුතිය පුදකරනවා…
හරි…ඉතින් බ්ලොග් එකට ලියන්න මොනවද ලියන්නෙ කියලා තාම කල්පනා කරනවා.හිතාගෙන ඉන්නෙ Auto CAD ගැන සිංහලෙන් විස්තර ටිකක් ලියන්න.අද නම් බැරි වෙයි.තාම සිංහල ලියන්න පුරුදු වෙනවා.මම කරන ජොබ් එකත් එක්ක බ්ලොග් ලියන්න වෙලාවක් හදා ගන්න ඒක තමයි අමාරු.කොහොම හරි වැඩේ පටන්ගෙන බලමුකො…දැනට ඉවරයි.
කියවපු හැමදෙනාටම ස්තුතියි.