Thursday, April 29, 2010

කැඩපතක සේයා...

ඔන්න මමත් පටන්ගත්තා පින්තූර බ්ලොග් අඩවියක්.නම කැඩපතක සේයා...මේකට බොහෝ දුරට ඇතුල් කරන්නේ මම ගත්තු පින්තූර.කැමතිනම් ඔයාලත් ගිහින් බලන්න.සින්ඩියටත් ඇතුල් කරන්න කියලා ඉල්ලීමක් කරා.සමහර විට හරියයි...

Friday, April 23, 2010

සොබාදමේ අරුමේ...

ඊයේ උදේ 9 ට විතර මාර වැස්සක් වැස්සා...ඊට ටිකකට කලින් තමයි මේක දැක්කේ...මෙහෙම සීන් එකක් දැක්කමයි.මම හිතන්නේ මේක ටොනෙඩෝ එකක්.මුහුදෙන් වතුර උඩට ඇදෙනවා...මාර ලස්සනයි.සොබාදමේ අරුමේ...


Sunday, April 18, 2010

බෞද්ධ රාජ්‍යයක අවසානය...


මේක තරමක් අමුතු කතාවක්! මාලදිවයින දැනට සියවස් ගනනාවකට පෙර පිරිසිඳු ථේරවාදී බෞද්ධ රටක් ව තිබුනාලු.එහෙව් රටට අද වන විට ඉස්ලාම් දහම හැර වෙනත් කිසිදු ආගමක් නොමැති තත්වයට පත් උන හැටි මාලදිවයිනේම ඉන්න මගේ යාලුවෙක් මට කිව්වා.මේ කතාව ඔව්න්ගේ ඉතිහාසයෙන් මකා දමා ඇති කතාවක්.

ඒ කාලේ මාල දිවයිනේ රජ කරේ ඉතාමත් කාමයට ලැදි රජ කෙනෙක්.කවුරුත් දන්නවානේ මාලදිවයින හැදිල තියෙන්නේ ඉතා කුඩා දූපත් සමූහයකින් බව.ඉතිං මේ රජා කරන්නේ තමාගේ චර පුරුශයන් මිනිසුන් වාසය කරන දූපත් වලට යවලා සුරූපී යුවතියන් ඉන්නා නිවාස වලට සලකුනක් දමන එකයි.(අපරාදෙ කියන්න බෑ...මාලේ ලස්සන කෙල්ලෝ ඉන්නවා නිකං මල් වගේ...)මේක වෙන්නේ හොර රහසේ...

යම් කිසි යක්ශයෙක් ඇවිත් නිවාස වල සළකුනක් දමා යන බවත්,එම නිවසේ ඉන්නා සුරූපී යොවුන් තරුණියක් එම යකාට බිලි දිය යුතු බවත්,එසේ නොවුනහොත් යකා මුලු රටම වනසන බවත් ඔය අතරේ රටේ ප්‍රචාරය කරවනවා.ඊට පස්සේ රජතුමා නිවේදනය කරනවා සලකුණු දමා ඇති ගෙවල්වල ඉන්න යුවතියන් රාජ පුරුශයන්ට බාර දෙන්න කියලා යකාට බිලි දෙන්න.ඔන්න ඉතිං පහුවදාට රාජ පුරුශයෝ යකාට බිලි දෙන්න කියලා කෙල්ලෝ උස්සං ගිහිං රජ තුමාට දෙනවා.රජ තුමා මුලින්ම තරුණියව කෙලෙසලා ඔහුගේ හිතවතුන්ටත් දීලා මරලා දානව...
රජා නෝන්ඩි නැතුව යකා පිට දාලා ඔය වැඩේ බොහෝම කාලයක් කරගෙන ගියාලු.

ඔය අතරේ මාල දිවයිනට අරාබියේ සිට පැමිනි ඉතා බලවත්,ධනවත් වෙලෙන්දෙක්ට මේ කතාව ආරන්චි උනා.ඔහුට මේ ගැන සැක හිතිලා දින ගනනාවක් මේ ගැන සෙව්වාලු.පස්සේ වැඩේ අහු උනා...මොහු කෙලින්ම රජු හමුවට ගියාලු.ඊට පස්සේ තමා සියල්ල දන්නා බවත්,මේ රහස එලි කරහොත් ජනතාව කුපිත වී රජ කම අහිමි විය හැකි බවත් කීවාලු.ඉතා භීතියට පත් රජතුමා රහස එලි නොකරන ලෙස බැගෑපත් වී තමා ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට කැමති බවත් කියා සිටියාලු.
මේක අවස්තාවක් කරගත්තු ඉතා බලවත් අරාබි වෙලෙන්දා (නම මතක නෑ...)රහස එලි නොකිරීමටනම් මින් පසු එම වරද නොකරන ලෙසත්,අරාබි කරයෙන් පැමිනි තමන් මුස්ලිම් ආගමේ බලයෙන් යක්ශයා විනාශ කර බවත්,එම නිසා මුස්ලිම් ආගම ඉතා බලවත් බවත්,සෑම දෙනාම මෙතැන් පටන් බුදු දහම අතහැර ඉස්ලාම් දහම වැලඳ ගත යුතු බවත් දැන්වීය.රජා එදා පටන් මාල දිවයින ඉස්ලාම් රාජ්‍යයක් ලෙසට ප්‍රකාශයට පත් කරාලු.අදටත් වෙනත් කිසිදු ආගමක් හෝ ආගමකට සම්බන්ද ලිපියක් හෝ මාලදිවයිනේ පල නොවේ.කොටින්ම කියනවානම් වෙසක් කාඩ් එකක්,නත්තල් කාඩ් එකක් වත් මාලදිවයිනට තැපෑලෙන් එන්නේ නෑ.ඔවුන් ඒවා විනාශ කරනවා.එසේ මුස්ලිම් වරුන් විනාශ කර දැමූ වෙහෙර විහාරස්තාන වල නටඹුන් අදටත් දකුණු දෙස ඇති සමහර ජන ශුන්‍ය දූපත් වල තිබෙනවාලු.මේ කතාවේ සත්‍ය අසත්‍ය නම් මම හරියටම දන්නේ නෑ.ඒත් පෙර බෞද්ධ රටක් ව තිබී පසුව බලහත් කාරයෙන් ඉස්ලාම් දහම වැලදගත් බව නම් විශ්වාස කරන්න පුලුවන්.

(මෙම ලිපියෙන් ඉස්ලාම් දහමට අපහාසයක් කිරීමේ කිසිදු චේතනාවක් නොමැත.මා දැනගත් සිද්ධියක් බ්ලොග් සටහනක් ලෙස ලිව්වා පමණයි.)

Monday, April 12, 2010

අන්තර්ජාලයේ භාදක දුවමු.



ඔන්න අද කියන්න යන්නේ මෘදුකාන්ගයක් ගැන.මුලින්ම කියන්න ඕනි මේක වැරදි විදිහට පාවිච්චි කරන්න නම් එපා.මේකෙන් පුලුවන් වාරණය කරන ලද වෙබ් අඩවි,මෘදුකාන්ග වල වාරණයන් බිදින්න.මේක හුඟාක් මට ප්‍රයෝජනවත් උනා ඩුබායි ඉන්නකොට ලන්කාවට අන්තර්ජාලය හරහා දුරකතන ඇමතුම් ලබා ගන්න.මොකද කියනවානම් එහේ ස්කයිප්,යාහූ,වොයිප්චීප්,වෙයැක් වගේ අන්තර් ජාලය හරහා දුරකතන සේවා සපයන්නන්ගේ පරිගනකයෙන් දුරකතනයට (pc to phone) ඇමතුම් ගැනීමට නොහැකි ලෙස වාරණය කරලයි තියෙන්නේ.මේකේ නම තමයි Hot Spot Shield .මෙකෙන් සිද්දවෙන්නේ අපිව වෙනත් ජාලයකට සම්බන්ධ කරලා ඒ හරහා අන්තර්ජාලයට සම්බ්දන්ධ කිරීමයි.

Friday, April 9, 2010

ෆේස් බුක් හරහා බලු වැඩ කිරීම


ෆේස් බුක් කිව්වම අද නොදන්න කෙනෙක් නැති තරම්නේ...මම ෆේස් බුක් එකටසෙට් උනේ දැනට වසර 2කට පමණැ පෙර.ඇත්තටම එවැනි සමාජ ජාල වෙබ් අඩවි වලින් ලොකු සේවාවක් වෙනවා.කාලෙකින් හමු නොවුනු මිතුරන් බොහෝ දෙනෙක් මට ෆේස් බුක් හරහා හමු උනා.ඇත්තටම කියනවානම් මම ෆේස් බුක් වලට වහ වැටිලා හිටියේ.ඒත් දවසක් මගේ යෙහෙලියක් මට කතාකරලා අමුතු විදිහට ප්‍රශ්න වැලක් ඇහුවා.මොකක් හරි අවුලක් වෙලා කියල මට වැටහුනා.පස්සේ එයාම කිව්වා "ඔයාගේ පින්තූරය දා ගත්තු ඔයාගේ නමටම සමාන නමක් තියන ෆේස් බුක් සාමජිකයෙකුගෙන් ඇරයුමක් ලබුනා...ඉතිං මම ඔයා කියල හිතාගෙන ok කරා...ඒත් එයා නරක යෝජනා,නරක දේවල් එවනවා" කියලා.එදාම මගේ නංගිත් කතා කරලා ඔය වගේම කතාවක් කිව්වා.මම ඇත්තටම බය උනා.
කවුරු හරි මගේ ෆේස් බුක් ගිනුමේ තිබුනු මගේ පින්තූර ටික අරගෙන,මගේ නමට සමාන නමකින් ගිනුමක් ආරම්භ කරලා මගේ ගිනුමේ හිටි ගෑණු ලමයි හැමෝටම ඉන්වයිට් කරලා.හුඟ දෙනෙක් මම කියලා හිතාගෙන ok කරලා.මේ යකා උන්ට නොයෙක් විකාර,නරක දේවල් ලියලා.මගේ හිටපු හුඟක් මිතුරියෝ මාත් එක්ක තරහා උනා.කීපදෙනෙක්ට කරුනු පහදලා ආයේ ශේප් කර ගත්තා.තාමත් ඌ මගේ පින්තූරයක් දාගෙන ඉන්නවා.බොරුනම් මෙතන ක්ලික් කරලා බලන්න.නැත්නම් ' කසුන් නිලන්ත ' කියලා ෆේස් බුක් එකේ සොයලා බලන්න.මට ඔය සිද්දියෙන් පස්සේ ෆේස් බුක් එපාම උනා.මම අදටත් අත්‍යාවශ්‍යම කරුනකට හැර ෆේස් බුක් එකට යන්නේ නෑ.ඌ දාලා තියෙන්නේ මම ඩුබායි ඉන්නකොට ගත්තු පින්තූර ටිකක්...පස්සේ මම මගේ පින්තූර මිතුරන්ට හැර වෙන අයට බලන්න බැරි වෙන්න දැම්මා...ඒත් ඉතින් වෙන්න ඕනි හරිය වෙලා ඉවරයි...මුන් වගේ උන් සමාජයටම පිලිලයක්!මමනම් හැමෝටම කියන්නේ තමාගේ පුත්ගලික පින්තූර අන්තර්ජාලයටනම් දාන්න එපා කියලා...