Tuesday, July 16, 2013

ඊයේ උදේ 9 ට විතර මාර වැස්සක් වැස්සා...ඊට ටිකකට කලින් තමයි මේක දැක්කේ...මෙහෙම සීන් එකක් දැක්කමයි.මම හිතන්නේ මේක ටොනෙඩෝ එකක්.මුහුදෙන් වතුර උඩට ඇදෙනවා...මාර ලස්සනයි.සොබාදමේ අරුමේ...

Thursday, September 16, 2010

කාලයකට පස්සේ...

බොහෝම කාලයකට පස්සේ ආයෙමත් බ්ලොග් එක පැත්තේ එන්න වෙලාවක් හම්බුනා...කොහොම හරි මේ සතියේ ඉඳන් ආයෙමත් සතියකට එකක් වෙන්න වත් ආයෙත් මොනවා හරි ලියන්න උපරිම උත්සාහ කරනවා...එහෙනම් ජය වේවා...

Monday, May 10, 2010

මාරක දුරකථන ඇමතුම් !



යාලුවනේ...ඔයලටත් අහන්න ලැබුනද මාරක අනතුරු සිදුවෙන දුරකථන ඇමතුමක් ගැන.මීට සතියකට විතර කලින් මාලදිවයිනේ ඉතා වේගයෙන් කතාවක් පැතිරුනා යම්කිසි දුරකතන අංක කීපයකින් ලැබෙන ඇමතුම් වලින් අධි සංඛ්‍යාත යක් නිකුත් වෙන බවත් එම ඇමතුම් වලට පිලිතුරු දීමට ගොස් පුත්ගලයන් කීප දෙනෙක් මියගිය බවත්.පස්සේ රූපවාහිනී නාලිකා මගින් විකාශනය කරා ඒක බොරු කතාවක් කියලා.ඊයේ මට ආරංචි උනා එම කතාව ලංකාවෙත් පැතිරෙනවා කියලා.ඔය කතාව මුලින්ම පැතිරෙන්න පටන් අරන් තියෙන්නේ පකිස්ථානයෙන් ලු. මම නම් හිතන්නේ ඕක බොරු කතාවක්.හැබැයි ඔවැනි දෙයක් සිදු වීමේ හැකියාවක් තිබිය හැකියි.මොලේ විකාර කරවන සංගීත තැටි පවා ලොව නන් දෙසින් බිහිවෙනවනේ...අපේ කනට සහ මොලයට ඔරොත්තු නොදෙන සංඛ්‍යාත පරාසයකින් යමක් විකාශණය කලොත් එකෙන් බලපෑමක් වෙන්න පුලුවන්.ඔය ගැන තියන චිත්‍රපටියකුත් මම ලඟදි බැලුවා.නම The Signal. මිතුරෙකුගෙන් දැනගත් විදිහට නම් දුරකතන සේවා සපයන ආයතන වලට පුලුවන් ලු පෙරණයන් මගින් අනවශ්‍ය සංඛ්‍යාත ඉවත් කරලා අවශ්‍ය සංඛ්‍යාත පමනක් දුරකතනයට එවන්න.ඉතිං ඇත්තටම එවැනි තර්ජනයක් ආවත් බය වෙන්න ඕනි නෑ...

Saturday, May 1, 2010

මාලදිවයිනේ පැරණි බෞද්ධ සිද්ධස්ථාන...

ඔන්න අන්තර් ජාලයෙන් සොයද්දී මට හම්බුනා මාලදිවයිනේ නටඹුන් වෙලා ගිය බෞද්ධ සිද්ධස්ථාන කීපයක පින්තූර.ඔන්න ඔයාලත් බලන්න.


Thursday, April 29, 2010

කැඩපතක සේයා...

ඔන්න මමත් පටන්ගත්තා පින්තූර බ්ලොග් අඩවියක්.නම කැඩපතක සේයා...මේකට බොහෝ දුරට ඇතුල් කරන්නේ මම ගත්තු පින්තූර.කැමතිනම් ඔයාලත් ගිහින් බලන්න.සින්ඩියටත් ඇතුල් කරන්න කියලා ඉල්ලීමක් කරා.සමහර විට හරියයි...

Friday, April 23, 2010

සොබාදමේ අරුමේ...

ඊයේ උදේ 9 ට විතර මාර වැස්සක් වැස්සා...ඊට ටිකකට කලින් තමයි මේක දැක්කේ...මෙහෙම සීන් එකක් දැක්කමයි.මම හිතන්නේ මේක ටොනෙඩෝ එකක්.මුහුදෙන් වතුර උඩට ඇදෙනවා...මාර ලස්සනයි.සොබාදමේ අරුමේ...


Sunday, April 18, 2010

බෞද්ධ රාජ්‍යයක අවසානය...


මේක තරමක් අමුතු කතාවක්! මාලදිවයින දැනට සියවස් ගනනාවකට පෙර පිරිසිඳු ථේරවාදී බෞද්ධ රටක් ව තිබුනාලු.එහෙව් රටට අද වන විට ඉස්ලාම් දහම හැර වෙනත් කිසිදු ආගමක් නොමැති තත්වයට පත් උන හැටි මාලදිවයිනේම ඉන්න මගේ යාලුවෙක් මට කිව්වා.මේ කතාව ඔව්න්ගේ ඉතිහාසයෙන් මකා දමා ඇති කතාවක්.

ඒ කාලේ මාල දිවයිනේ රජ කරේ ඉතාමත් කාමයට ලැදි රජ කෙනෙක්.කවුරුත් දන්නවානේ මාලදිවයින හැදිල තියෙන්නේ ඉතා කුඩා දූපත් සමූහයකින් බව.ඉතිං මේ රජා කරන්නේ තමාගේ චර පුරුශයන් මිනිසුන් වාසය කරන දූපත් වලට යවලා සුරූපී යුවතියන් ඉන්නා නිවාස වලට සලකුනක් දමන එකයි.(අපරාදෙ කියන්න බෑ...මාලේ ලස්සන කෙල්ලෝ ඉන්නවා නිකං මල් වගේ...)මේක වෙන්නේ හොර රහසේ...

යම් කිසි යක්ශයෙක් ඇවිත් නිවාස වල සළකුනක් දමා යන බවත්,එම නිවසේ ඉන්නා සුරූපී යොවුන් තරුණියක් එම යකාට බිලි දිය යුතු බවත්,එසේ නොවුනහොත් යකා මුලු රටම වනසන බවත් ඔය අතරේ රටේ ප්‍රචාරය කරවනවා.ඊට පස්සේ රජතුමා නිවේදනය කරනවා සලකුණු දමා ඇති ගෙවල්වල ඉන්න යුවතියන් රාජ පුරුශයන්ට බාර දෙන්න කියලා යකාට බිලි දෙන්න.ඔන්න ඉතිං පහුවදාට රාජ පුරුශයෝ යකාට බිලි දෙන්න කියලා කෙල්ලෝ උස්සං ගිහිං රජ තුමාට දෙනවා.රජ තුමා මුලින්ම තරුණියව කෙලෙසලා ඔහුගේ හිතවතුන්ටත් දීලා මරලා දානව...
රජා නෝන්ඩි නැතුව යකා පිට දාලා ඔය වැඩේ බොහෝම කාලයක් කරගෙන ගියාලු.

ඔය අතරේ මාල දිවයිනට අරාබියේ සිට පැමිනි ඉතා බලවත්,ධනවත් වෙලෙන්දෙක්ට මේ කතාව ආරන්චි උනා.ඔහුට මේ ගැන සැක හිතිලා දින ගනනාවක් මේ ගැන සෙව්වාලු.පස්සේ වැඩේ අහු උනා...මොහු කෙලින්ම රජු හමුවට ගියාලු.ඊට පස්සේ තමා සියල්ල දන්නා බවත්,මේ රහස එලි කරහොත් ජනතාව කුපිත වී රජ කම අහිමි විය හැකි බවත් කීවාලු.ඉතා භීතියට පත් රජතුමා රහස එලි නොකරන ලෙස බැගෑපත් වී තමා ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට කැමති බවත් කියා සිටියාලු.
මේක අවස්තාවක් කරගත්තු ඉතා බලවත් අරාබි වෙලෙන්දා (නම මතක නෑ...)රහස එලි නොකිරීමටනම් මින් පසු එම වරද නොකරන ලෙසත්,අරාබි කරයෙන් පැමිනි තමන් මුස්ලිම් ආගමේ බලයෙන් යක්ශයා විනාශ කර බවත්,එම නිසා මුස්ලිම් ආගම ඉතා බලවත් බවත්,සෑම දෙනාම මෙතැන් පටන් බුදු දහම අතහැර ඉස්ලාම් දහම වැලඳ ගත යුතු බවත් දැන්වීය.රජා එදා පටන් මාල දිවයින ඉස්ලාම් රාජ්‍යයක් ලෙසට ප්‍රකාශයට පත් කරාලු.අදටත් වෙනත් කිසිදු ආගමක් හෝ ආගමකට සම්බන්ද ලිපියක් හෝ මාලදිවයිනේ පල නොවේ.කොටින්ම කියනවානම් වෙසක් කාඩ් එකක්,නත්තල් කාඩ් එකක් වත් මාලදිවයිනට තැපෑලෙන් එන්නේ නෑ.ඔවුන් ඒවා විනාශ කරනවා.එසේ මුස්ලිම් වරුන් විනාශ කර දැමූ වෙහෙර විහාරස්තාන වල නටඹුන් අදටත් දකුණු දෙස ඇති සමහර ජන ශුන්‍ය දූපත් වල තිබෙනවාලු.මේ කතාවේ සත්‍ය අසත්‍ය නම් මම හරියටම දන්නේ නෑ.ඒත් පෙර බෞද්ධ රටක් ව තිබී පසුව බලහත් කාරයෙන් ඉස්ලාම් දහම වැලදගත් බව නම් විශ්වාස කරන්න පුලුවන්.

(මෙම ලිපියෙන් ඉස්ලාම් දහමට අපහාසයක් කිරීමේ කිසිදු චේතනාවක් නොමැත.මා දැනගත් සිද්ධියක් බ්ලොග් සටහනක් ලෙස ලිව්වා පමණයි.)

Monday, April 12, 2010

අන්තර්ජාලයේ භාදක දුවමු.



ඔන්න අද කියන්න යන්නේ මෘදුකාන්ගයක් ගැන.මුලින්ම කියන්න ඕනි මේක වැරදි විදිහට පාවිච්චි කරන්න නම් එපා.මේකෙන් පුලුවන් වාරණය කරන ලද වෙබ් අඩවි,මෘදුකාන්ග වල වාරණයන් බිදින්න.මේක හුඟාක් මට ප්‍රයෝජනවත් උනා ඩුබායි ඉන්නකොට ලන්කාවට අන්තර්ජාලය හරහා දුරකතන ඇමතුම් ලබා ගන්න.මොකද කියනවානම් එහේ ස්කයිප්,යාහූ,වොයිප්චීප්,වෙයැක් වගේ අන්තර් ජාලය හරහා දුරකතන සේවා සපයන්නන්ගේ පරිගනකයෙන් දුරකතනයට (pc to phone) ඇමතුම් ගැනීමට නොහැකි ලෙස වාරණය කරලයි තියෙන්නේ.මේකේ නම තමයි Hot Spot Shield .මෙකෙන් සිද්දවෙන්නේ අපිව වෙනත් ජාලයකට සම්බන්ධ කරලා ඒ හරහා අන්තර්ජාලයට සම්බ්දන්ධ කිරීමයි.

Friday, April 9, 2010

ෆේස් බුක් හරහා බලු වැඩ කිරීම


ෆේස් බුක් කිව්වම අද නොදන්න කෙනෙක් නැති තරම්නේ...මම ෆේස් බුක් එකටසෙට් උනේ දැනට වසර 2කට පමණැ පෙර.ඇත්තටම එවැනි සමාජ ජාල වෙබ් අඩවි වලින් ලොකු සේවාවක් වෙනවා.කාලෙකින් හමු නොවුනු මිතුරන් බොහෝ දෙනෙක් මට ෆේස් බුක් හරහා හමු උනා.ඇත්තටම කියනවානම් මම ෆේස් බුක් වලට වහ වැටිලා හිටියේ.ඒත් දවසක් මගේ යෙහෙලියක් මට කතාකරලා අමුතු විදිහට ප්‍රශ්න වැලක් ඇහුවා.මොකක් හරි අවුලක් වෙලා කියල මට වැටහුනා.පස්සේ එයාම කිව්වා "ඔයාගේ පින්තූරය දා ගත්තු ඔයාගේ නමටම සමාන නමක් තියන ෆේස් බුක් සාමජිකයෙකුගෙන් ඇරයුමක් ලබුනා...ඉතිං මම ඔයා කියල හිතාගෙන ok කරා...ඒත් එයා නරක යෝජනා,නරක දේවල් එවනවා" කියලා.එදාම මගේ නංගිත් කතා කරලා ඔය වගේම කතාවක් කිව්වා.මම ඇත්තටම බය උනා.
කවුරු හරි මගේ ෆේස් බුක් ගිනුමේ තිබුනු මගේ පින්තූර ටික අරගෙන,මගේ නමට සමාන නමකින් ගිනුමක් ආරම්භ කරලා මගේ ගිනුමේ හිටි ගෑණු ලමයි හැමෝටම ඉන්වයිට් කරලා.හුඟ දෙනෙක් මම කියලා හිතාගෙන ok කරලා.මේ යකා උන්ට නොයෙක් විකාර,නරක දේවල් ලියලා.මගේ හිටපු හුඟක් මිතුරියෝ මාත් එක්ක තරහා උනා.කීපදෙනෙක්ට කරුනු පහදලා ආයේ ශේප් කර ගත්තා.තාමත් ඌ මගේ පින්තූරයක් දාගෙන ඉන්නවා.බොරුනම් මෙතන ක්ලික් කරලා බලන්න.නැත්නම් ' කසුන් නිලන්ත ' කියලා ෆේස් බුක් එකේ සොයලා බලන්න.මට ඔය සිද්දියෙන් පස්සේ ෆේස් බුක් එපාම උනා.මම අදටත් අත්‍යාවශ්‍යම කරුනකට හැර ෆේස් බුක් එකට යන්නේ නෑ.ඌ දාලා තියෙන්නේ මම ඩුබායි ඉන්නකොට ගත්තු පින්තූර ටිකක්...පස්සේ මම මගේ පින්තූර මිතුරන්ට හැර වෙන අයට බලන්න බැරි වෙන්න දැම්මා...ඒත් ඉතින් වෙන්න ඕනි හරිය වෙලා ඉවරයි...මුන් වගේ උන් සමාජයටම පිලිලයක්!මමනම් හැමෝටම කියන්නේ තමාගේ පුත්ගලික පින්තූර අන්තර්ජාලයටනම් දාන්න එපා කියලා...

Monday, January 11, 2010

නොලියාම බැරි නිසා ලියමි...

සිතුවිලි ගංගා බ්ලොග් අඩවියෙන් දේශපාලන කරුණු කාරනා නිතර මාර්තෘකා නොවුනත් මේ වකවානුයේ ලංකාවේ දේශපාලනය ගැනනම් කතා නොකරම බැරිය.මෙම ලිපියේ සියලු කරුණු මාගේ පුද්ගලික අදස්ය.කිසිවෙකුට මඩ ගැසීමේ පහත් අරමුණක් නොමති අතරම රට පත්ව ඇති අවාසනාවන්ත තත්වය ගැන හැඟෙන පරිදි ලියමි

අප රට තිස් වසරක් මුලුල්ලේ බැට කෑ කුරුරු යුධය නිමාවිය.එය නිමා වූවාද? එසේ නොමැතිනම් නිමා කෙරෙව්වාද?,එසේ නම් නිමා කරවූයේ කවුද?යන ගැටලුව මේ වන විට ජනාධිපතිවරණ සටනේ ප්‍රධාන මර්තෘකාව වී තිබේ.දහසක් තාඩන පීඩන මැද,කම් කටොලු මැද,දහසක් ජීවිත පරිත්‍යග මැද ලබා ගත් ජයග්‍රහනය මේ වන විට තුට්ටු දේකේ දේශපාලන රැස්වීම් වල උඩ දමමින් වෙන්දේසි වේ.යුද්ධය කෙරුවේ මං.ඒ නිසා මට චංදෙ දීපියව්"එකෙක් කියයි.අනෙකා"යුද්ධය කෙරෙව්වේ මමයි.ඒ නිසා මට චංදෙ දීපියව්" කියයි.මේ වෙන කවුරුත් නොව යුද්ධය නිමා කර රට එක් සේසත් කිරීමේ කාර්යයේදී අසමාන මෙහෙයක් කල,එදා සමඟිව සටන් වැද රට ත්‍රස්තයෙන්ගෙන් බේරා ගත් මහින්ද රාජපක්ශ මහතා සහ සරත් ෆොන්සේකා මහතාමය.දේශපාලනය නම් ජරා වලකි.එදා එකාවන්ව එකතුවී රට මුදවා ගැනීමට කැපවූ දෙදෙනෙක් අසමගි කර දෙපසට ඇද දමා එකිනෙකාට විරුද්ධව සටන් වදින බල අරගලයක් දක්වා ඇද දමන ලද්දේ මා පෙර කියූ නින්දිත දේශපාලනයයි.කොටින්ට කඩේ ගිය රටවල් දැන් පස්සා පැත්තෙනුත් අපට හිනා වනු ඇත.මොන යුද්දය දිනුවත් මුන්ට සමගියෙන් සිටිය නොහැකි බව ලොවටම හෙලි වී හමාරය.සරත් ෆොන්සේකා යනු මා ඉතා ගරු කල මහත්මයෙකි.නමුත් එක් වරම ඔහු කණපිට ගැසූයේ කෙසේදැයි මහත් ප්‍රෙහේලිකාවකි.ආණ්ඩුවෙන් ඔහුට සැලකුවා මදි යැයි යමෙකුට කිව හැකිය.නමුත් ඊට වඩා විශාල ගැටලු හමුවේ ඔහු නොසැලී කොන්ද කෙලින් තබාගෙන සිටියේය.. නමුත් කුහක දේශපාලනයේ පතුලටම වැටී සිටින රනිල් මහතා,මංගල මහතා,හකීම් මහතා සහ දේශපාලන කොටි වන දෙමල සංදානය,අනිත් කොටියා මනෝ ගනේශන් කියන රංචුවේ උසිගැන්වීම් කුනාටුවට කොන්ද කෙලින් තියාගෙන ඉන්න බැරි උනා.කොටින්ගේ සහ කොටි හිතවාදී රටවලින් මිලියන ගනන් සල්ලි විසි කරමින් ලංකාවේ ප්‍රතිරූපය හානි කරන්න ගහපු ගැටයට ෆොන්සේකා මහතා අහු උනේ රටේම අවාසනවටයි.මේ පාපයට රට දෙවරක්ම (1971,1989) ආපස්සට ඇද දැමූ ජනතා විමුක්ති පෙරමුනද සම්භන්ද වී සිටී.පොන්සේකා මහතාට අනුව යුද්ධය දිනවා තිබෙන්නේ ඔහුය.එසේ බලන කල යුද්ධයේ 100%ම බරපැන,ශ්‍රමය ආදී සියලු දේ දරා ඇත්තේ ඔහු නියොජනය කරන යුධ හමුදාවයි.ගුවන් හමුදාව සහ නවික හමුදාව සිදු කල අප්‍රමාන මෙහෙය කිසි දිනෙක ඔහු මතක් කරන්නේ වත් නැත.කොටි සෙවනැලි එකතු වී පොන්සේකා මහතාට පෙවූ විස කෙතරම් නම් ප්‍රබලද? යුද්ධය දිනෙව්වේ සරත් පොන්සේකා හෝ මහින්දරාජපක්ශ හෝ වෙනත් තනි පුත්ගලයෙකු නොවේ.මුලු මහත් සෑම සියලු දෙනාම ඒ සඳහා දායක වී ඇත.බිලිඳු දරුවා බොන කිරි කෝප්පයේ සිට අප කන බත් ඇටයක්,පරිප්පු ඇටයක් ගානේ බදු ගෙවමින් යුද්ධය කිරීමට මූල්‍යමය ලෙස දායක වීමු.කැප කිරීම් කලෙමු.සෑම සෙබලෙකුම තම උපරිමය දක්වා කැප හලහ.අත් පා අහිමි කරගත් හ.ජීවිත නැතිකරගත්හ.පොන්සේකා මහතාට ඒ සියල්ල අමතක වී ඇත.නැතිනම් අමතක කරවා ඇත.තම පණටත් වඩා පරිස්සම් කරගත යුතු යුධ රහස් මේ වන විට බල තන්හාව නිසා එකින් එක වමාරමින් සිටී.මොවුන් ජාත්‍යන්තරය ඉදිරියේ නිරුවත් කිරීමට සැරසෙන්නේ ලංකා මාතාවයි.

ලංකාවේ බිහිවූ දේශපාලකයන්ගෙන් මහත්මා දේශපාලනයක් කරේ අතලොස්සකි.එස්.ඩ්බ්.ආර්.ඩී.බන්ඩාරනායක මහතා,ඩී.එස්.සේනානායක මහතා වැනි අතලොස්සකි.රටට වැඩක් ඇති දේශපාලනයක් කලේ මා දකින ලෙසටනම් පුත්ගලයන් දෙදෙනෙකි.ඒ ආර්.ප්‍රේමදාස මහතා සහ මහින්ද රාජපක්ශ මහතාය.ප්‍රේමදාස මහතා රටට කල සේවය මෙන්ම අනෙකුත් ක්‍රියා කාරකම් මුලු රටම දනී.නායකයන් 6 දෙනෙකුට කල නොකැකි බව ඇඟවූ නමුත් කල හැකිව තිබූ යුද්ධය නිමා කිරීමට මඟ පෙන්වීමට මහින්ද රාජපක්ශ මහතාට හැකිවිය.පෙර ජනාධිපතිවරණයේදී ඔහුට ලබා දුන් චන්දය ගැන හදවතින්ම සතුටු වීමට මා හට එයම ප්‍රමානවත්ය.රට ජයග්‍රහනය කරා මෙහයවීමේ කාර්යය වසර 3ක් වැනි කෙටිකලකින් කලේය.සියලු රට වැසියන්ගේ දායකත්වයෙන් ජයග්‍රහනය කරා රට මෙහෙයවූවේ ඔහුය..රට දැවැන්ත සංවර්ධනයක් කරා මෙහයවීම ඔහුගේ නායකත්වයෙන් සිදුවිය.පොරොන්දු වූ පරිදි යුද්දය නිමාකරවීමට මඟ සැලැස්වීය.සීග්‍ර සංවර්දනයකට රට මෙහෙයවීය,'මතට තිත' සාර්ථකව කරගෙන යමින් තිබේ.රාජපක්ශ මහතාගේ අඩුපාඩු නැතුවා නොවේ.ඒවා නිවැරදි කරවීමට ඔහුව පොලඹවනවා මිස කකුලෙන් ඇද දමා රට අස්ථාවර කරවීමට මෙය සුදුසු වේලාව නොවේ.වීරයා නොවුනද ජයග්‍රහනය කරා රට මෙහෙය වූ නායකයා මහින්ද රාජපක්ශමය. පොන්සේකා මහතා දේශපාලන මඩ ගොහොරුවට පැන අවසන්ය.මෙවරද ලංකාවේ සිටියානම් දෙවරක් නොසිතා මහින්ද මහතාට චන්දය දෙමි.මට හැඟෙන පරිදි රාජපක්ශ මහතා සිය පලමු අවස්ථාව බොහෝ දුරට නිවැරදිව පාවිච්චි කරන ලදි.ඒ නිසා ඔහුට නැවත් අවස්ථාවක් දී ඉතිරි වැඩ ටික කරගෙන යාමට ඉඩ දී බැලිය යුතුය.රට හැදීමට හෝ කෑමට ඔහුට හිමි වන්නේ තවත් වසර 6ක් පමනි.එම වසර 6 තුල යම් සංවර්ධනයක් සිදුවේවි යැයි හැඟේ.මාගේ පුද්ගලික අදස් කෙසේ වෙතත්ජනතාව විසින් ඔවුන්ගේ මීලඟ සැබෑ නායකයා තෝරා පත් කර ගනු ඇත.ඔබ දෙදෙනාම රටට සම්පතකි.එක්වී සමගිව රට ගොඩනඟමු.ෆොන්සේකා මහතාටද රාජපක්ශ මහතාටද සුභ පතමි.