Wednesday, July 15, 2009

ධර්ම දානය



මේ ලොව කෙතරම් ආගම්,දර්ශන තිබුනද මරණය ජය ගත හැකි අයුරු දේශනා කොට ඇති එකම දහම නම් අප මහා තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් මුවින් දෙසූ ශ්‍රී සත් ධර්මයයි.ලොව ඇති එකම ස්තිර දෙය නම් අනිත්‍යය පමණක් බව උන් වහන්සේ දෙසූ සේක.බුදු රජාණන් විසින් දෙසූ ධර්මය ලොව පුරා ප්‍රචාරය කිරීමේ මාද්‍යයක් ලෙස මේ වන විට අන්තර්ජාලය බහුලව බාවිතා වේ. www.mahamevna.org එවැන්නකි.(ඇතැම් විට ඔබට මතක ඇති,මීට වසර ගනනාවකට පෙර ලංකවේ වෙබ් අඩවියකට එල්ල උනු ප්‍රථම හැකර් ප්‍රහාරය මෙම අඩවියට එල්ල උනු අයුරු.)නිර්මල ශ්‍රී සත් ධර්මය නොනැසී පවතින ශ්‍රී ලංකාවේ බෞද්ධයන් ලෙස පෙර පිණකට උපන් අප, සසර මඟ කෙලවර කොට නිවන් මඟට යොමු කිරීමට මහත් වෙහෙසක් දරණ කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් විසින් මෙහෙයවන මහමෙව්නා භාවනා අසපුව මඟින් මෙම වෙබ් අඩවිය දියත් කරන ලැබේ.සූත්‍ර සහ දේශනා අති විශාල සංඛ්‍යාවක් mp3 ලෙස ශ්‍රව්‍ය මාධ්‍යයෙන් සහ විශාල පොත් ප්‍රමානයක් PDF ලෙස මෙහි නොමිලේම බා ගැනීමට තිබේ.මේ සියල්ල සිංහල මාද්‍යයෙන් ඉතා සරලව පෙල ගසා ඇත.ඔබත් මෙහි පිවිස ජීවිතයට යමක් ලබා ගැනීමට උත්සාහ කරන්න.ගෞතම බුදු සසුන තුල මේ භවයේදීම නිවන් මඟ අවබෝධ කරගැනීමට වෙහෙසෙමු.උත්සාහ කරමු.සැමට තෙරුවන් සරණයි.

No comments:

Post a Comment