Friday, January 1, 2010

ශාකුන්තල. මේ ඔබේ අවදානයට...


මට කටක් ඇරලා කියන්න ලැජ්ජයි....ආයිබොවන්ඩ පෙරේදා තමයි ශාකුන්තලය කරල තියන හදිය හරියටම දැන ගත්තෙ.මොකද කියනවනම් අන්තර් ජාලේ මෙහේ හරි අවුල්.කොහොමද හිමිජ්ජා වාගේ ඉඳලා දීලා තියෙන ගේම?මං මේ මුකුත් වැරැද්දක් එහෙම කියනව නෙමේ.මං කිව්වේ මේ අපේ ශාකුන්තල මලයට ,හොඳම බ්ලොග් අඩවියට හම්බුන සම්මානය ගැන.ජංජාලේ නිතර සැරිසරන්න වෙන්නේ නැති නිසා මට ඔය පයින්ඩෙ දැනගන්න ලැබුනේ පෙරේදා රෑ.පස්සෙං පහු හරි සුභ පැතුවෙ නැත්නම් ඒක ලොකු අඩුවක් කියල හිතුන.අපරාදේ කියන්න බෑ ඕකා හොඳ එකා.ශාකුන්තල මලය නිසා තමා මාත් ඔය ඉඳලා හිටලා හරි මොනවා හරි දෙයක් ලියලා අන්තර්ජාල ජංජාලෙට දාන්නේ.ඉතිං මලයෝ...ඔය කොරගෙන යන වැඩ පිලිවෙල තව තවත් සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනව.ඒ වගේම ජනවාරි 1 වෙනිදට අලුත් වැඩක් පටං ගන්නවා කියලත් මයේ කනට වැටුනා....ඒවත් සුපිරියටම කරගෙන යන්න හැකියාව ලැබේවා...ඕං මං බැස්සා...

4 comments:

  1. කියලා වැඩක් නෑ මූ කරල තියෙන හදිය...
    ලබනපාරත් ඕක ඕක උස්සයි

    ශාකුන්තල. ඔබට සුභපැතුම්!!!!

    ReplyDelete
  2. WEL DONE..... KEEP IT UP.....

    ReplyDelete
  3. අනෙ අප්පේ....! ත්‍රිලංක අයියා මේකට බ්ලොග් පෝස්ට් එකක්ම ලියලා...!!

    හැබෑටම මම ඒ ගැන ලිව්ව බ්ලොග් සටහන දැක්කෙ නැද්ද? ඒකට comment එකක් දාන්න තිබුණනෙ.. :) ඉස්සර වගෙ නෙවෙයි... දැන් කැම්පස් එකේ තුන වසරෙ වැඩ වැඩි නිසා බ්ලොග් කියවනය පැත්තේ එන්න වෙලාව හොයාගන්නෙත් හරි අමාරුවෙන්... ආවමත් එක හුස්මට බ්ලොග් ටික කියෝගෙන යනවා... ඒ නිසා මේකත් පරක්කු වෙලා දැක්කේ... ඒ ගැන සමා අවසර. :)

    ඉතින්... සුභ පැතුම් ඔක්කොටම බොහෝම ස්තුතියි... ත්‍රිලංක අයියගෙත් ඉදිරි වැඩපිළිවෙලවල් සියල්ල සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා...

    සුභ නව වසරක් වේවා! :)

    ReplyDelete