Friday, January 8, 2010

නොමිලේ ඊමේල්













ආයුබෝවන්ඩ හැමෝටම.ගෙවල් හදන්න උනන්දු වන අයට අත්තිවාරම් ගැන ලිපියක් සකස් කරමින් ඉන්න අතරේ මට ලඟදි හම්බුනු අලුත් ඊ මේල් සේවාවක් ගැන ලියන්න හිතුනා.සමහර විට අපේ යාලුවො මේක දන්නවත් ඇති. google,yahoo ඊ මේල් වල නිකං කොමන් ගතියක් තියනවනේ.වෙනසකටත් එක්ක මේක අත්හදා
බලන්නකෝ...www.gmx.com .මේ නොමිලේ ඊමේල් සපයන්නා ගෙන් 5GB වෙබ් ඉඩක් සෑම සේවා දායකයෙක්ටම ලබා දෙනවා.ඔවුන් කියනවා වෙබ් මේල් සහ ඊමේල් යන පහසුකම් දෙකම සපයන බව. (මම ඔය දෙකේ වෙනස නම් දන්නේ නෑ....මෙචර කල් හිතාගෙන හිටියේ දෙකම එකයි කියලා...කවුරු හරි දන්නවනම් පහාදලා දෙන්න ).GMX වල එකවුන්ට් එකට නොයෙක් ගැජ්ට් එකතු කරගන්න පුලුවන්.ඊමේල් පිටුවෙම facebook,games වගේ ගොඩක් දේවල් එකතු කරගන්න පුලුවන්.තව දෙයක් තමයි gmail වල නොතිබෙන, ඊමේල් පසුබිමට පින්තූරයක්(Background picture) එකතු කිරීමේ හැකියාව.මේකේ තියනව....(ඒකත් පුලුවන්ද දන්නේ නැ.....මට නම් අහු උනේ නැ....) GMX ලගෙන් මුදල් ගෙවලා ඊමේල් ගිණුමක් ලබා ගන්නවනම් ඔබ ගෙවන මුදලෙන් ඩොලර් 1 ක් අප්‍රිකාවේ වෙසෙන දිලිඳු දරුවන්ගේ සුභ සාදනය වෙනුවෙන් යුනෙස්කෝ සංවිධානයට බැර කරනවලු.කැමතිනම් ඒ පිං කමටත් දායක වෙන්න පුලුවන්.(ආ....තව දෙයක්....කවුරු හරි මට කියනවද බ්ලොග් එක මාතෘකා වලට වර්ගීකරනය කරන්නේ කොහොමද කියලා...මගේ බ්ලොග් එක අච්චාරුව වගේ වෙලා.....)

5 comments:

  1. මම හිතන්නෙ Gmail වලත් background එක වෙනස් කරගන්න පුළුවන්. කරන්න තියෙන්නෙ Settings වලට ගිහිල්ල Themes tab එක click කරන්න. එතකොට එන ලිස්ට් එකෙන් කැමති එකක් click කරන්න.

    ReplyDelete
  2. පොස්ට් එක දාද්දිම ත් පුලුවන් නැත්තම edit කරන්නත් පුලුවන්. වඩාත් වැදගත් දෙ ඉස්සල්ලාම එකෙන් lable කියන ගැජට් එක එකතු කරගන්න. ඉට පස්සෙ edit එකෙන් පොස්ට් ටිකට ලෙබල් දා ගන්න...
    එක නෙම ආරංචියට ස්තුති.. තවත් 5 GB නෙට් එකෙන් හම්බ වෙනවා කියන්න සැහෙන්න බැකප් එකක් තිය ගත්ත හැකියි.

    ReplyDelete
  3. වෙබ් මෙයිල් - කසිදු විශේෂ මෘදුකාංග බාවිතා නොකොට වෙබ් බව්සර් එකකින් මෙයිල් බැලිම

    අනික් විදිහ - අවුට්ලුක් / තන්ඩර්බර්ඩ් යන එවා යොදාගෙන කෙලින්ම තම පරිඝනකයට සියලුම මෙයිල් ලබා ගැනිම. මෙ සදහා අප පරිගනකයේ විද්‍යුත් ලිපි යවන හා එවන පෝට්- 21 පමණක් තිබ්ම පමණක් ඇති.
    උදා- සමහර රැකියා අයතන වල අන්තර් ජාල සැරිසැරිම පාලනය කර මෙයිල් පොට් එක විතරක් ගනුදේනු සදහා විවෘත කරනවා. එවගේ අවස්තා වල මෙ විදිය නියමයි


    ජිමෙයිල් වලට පින්තුර දැමිම
    මෙකට සාරංග නියම ලිපියක් ලියලා තිබුනා
    http://sarangasl-si.blogspot.com/2009/12/gmailpicture.html


    ලිපි වර්ගීකරණයනම් මම දන්නේ නැහැ ...

    ReplyDelete
  4. මමත් බොහොම කාලෙකට කලින් GMX account එකක් හැදුවා. ඒත් Google තරම් සේවාවන් ගොඩක් දෙන එකක් නොවෙන නිසා පාවිච්චි කරන්නෙ නෑ. (Password මතකත් නෑ :D )

    ReplyDelete
  5. අදහස් දැක්වූ සැමට තුති....

    ReplyDelete