Tuesday, February 24, 2009

තව ටික දිනයි....

මේ ටිකේ මම ටිකක් විතර අවිවේකයි.රාජකාරී වැඩ ටිකකුත් වැඩියි.ඒත් මේ දවස් වල මාර සංතෝසෙන් ඉන්නෙ.මොකද කියනවනම් ලබන සතියේ මම ආපහු ලංකාවට එනවා.....ඉතින් මේ ටිකෙ ෂොපිං යනවා...බඩු ගේනවා....බඩු අහුරනවා....එක විකාරයයි.කොටින්ම කියනවනම් මම නැවතිලා ඉන්න කාමරේ කුණු ගොඩක් වගේ වෙලා.ටික ටික අස් කරනව...දැන් ඉතින් ඉවසිල්ලක් ඈ ගෙදර යන්න.දැන් අවුරුදු 1 1/2 වෙනව ඩුබායි වලටඇවිත්.ගියපාර මට නිවාඩු හම්බුන වෙලාවෙ මම ලංකවට ගියේ කාටවත් නොකියා....ගෙදර අය පුදුම කරන්න කියලා හිතාගෙන.ඒ අය පුදුම උනාට වඩා මට හොඳටම බැනුම් අහන්න උනා.ඉතින් ඒක නිස මේ පාර නම් කලින්ම ගෙදරට කිවුවා මම එන දවස.
මගේ ගම බලංගොඩනේ...
හුඟ කාලෙකින් දැකපු නැති අම්මයි තාතවයි දකින්න, සහෝදරියො දකින්න, කෙල්ලව දැකගන්න, ‍යලුවො සෙට් එක දැක ගන්න,නෑදෑයො දකින්න,ගමේ කොල්ලො ටිකත් එක්ක ගම වටේ රවුම් ගහන්න, ගෙවල් ලඟ තියන දිය ඇල්ලෙ මහ වළට පැනලා නා ගන්න, උදේට එහා මෙහා පේන්නෙ නැති තරම් ඝන මීදුම දකින්න, මීදුම අස්සෙන් ඉර එලිය වැටෙනව දකින්නන්, නිතරම වැටෙන චුරු චුරු පොද වැස්සේ ටිකක් තෙමෙන්න, වත්ත පුරා පහුරු ගගා කෑම අහුලං කන වලි කුකුල්ලු රංචුව දකින්න, පොල් පැලයක කුරුම්බැට්ටියක් වත් ඉතුරු නොකර කන ඳඬු ලේන්නු ටික දකින්න, දැන්නම් තියෙන්නේ පුදුම ආසාවක්.දැන් ඉවසිල්ලක් නෑ....ගමේ විතරක් නෙමේ මම වැඩි කාලයක් හිටපු ගම්පහ ගිහින් ඉස්ටේෂමේ චාටරයක් ගනන්න, මගේ හොදම යාලුව සිදත් ඒක්ක උගෙ බයිසිකලේ රවුම් ගහන්න, කෙටවල ඇනිකට් ඒකේ බැහැලා නාන්න, ගම්පහ හවසට පන්ති ඇරෙන වෙලාවට යාලුවොත් එක්ක සෙට් වෙලා කෙල්ලො බලන්න, හවසට සෙට් වෙලා බැඩ්මින්ටන් පාරක් ගහන්න,.....අම්මෝ...මතක් වෙනකොට ඉන්න බෑ ...නලියනවා...තව දවස් 6 යි නේ...

මම හිතාගෙන හිටියේ මේ පාර ලංකාවට එනකොට යුද්ධය නැවතිලා කොටි හැතිකරය ඉවර වෙලා තියෙයි කියලා...මගේ පැතුම සියයට සීයක් ම ඉටු නොවුනත් සෑහෙන්න දුරකට ඉවර වෙලා තියන එක ගැන හරිම සතුටුයි.අපේ වීර සෙබලුන් දිවා රෑ නොබලා රට රකින නිසානේ අපිට බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුලුවන්.ඔවුන්ට මාගේ හද පිරි ප්‍රණාමය පුද දෙන ගමන්ම මගේ මාතෘ භූමියට ඉක්මනින්ම සාමය උදා වේවා කියලා ප්‍රාර්තනා කරනවා....

5 comments:

  1. ගෙදර එන තරම් දෙයක් තවත් තියනවද? හැමදාම ගෙදර ආවත් තවම එපා වෙලා නැහැ. කවදාවත් වෙන එකකුත් නැහැ.

    ReplyDelete
  2. මේ බ්ලොග් ලියන අයටත් චොකෝ අරන් එනවැයි? :D

    ReplyDelete
  3. ආව් ආව්... මටත් තව දවස් 6 යි කොල්ලෝ... මටත් මාර හැපී. හැබැයි මමනම් යන්නේ ෆයිනල් එක්සිටි. මෙහෙ ජීවිතේනම් එපාවෙලා. දන්නවනේ සව්දිවල.. නෝ ආතල් ඇට් ඕල්.. :) කොහොම හරි මමත් හිතුවේ ලංකාවට එනකොට යුද්දේ ඉවරවෙලා ඇති කියලා. ඒත් කමක් නැහැ බොහෝ දුරට ඉවරයිනේ.
    මමත් කාර්ගෝ එහෙම යවලා ටිකක් රෙස්ට් එකේ ඉන්නවා. හැබැයි කේස් එක කියන්නේ. බඩගිනි වෙන්නේ නැහැ. රෑට නින්ද නැහැ. ඒ නිසාද දන්නේ නැහැ 36ට තිබ්බ ඉන දැන් 34යි. කලින් ගත්ත ඇදුම් ටිකටනම් සොරි තමයි. :)

    කොහොම නමුත් ලංකාවට යන එක තරම් සැපක් තවත් නැහැ..

    ReplyDelete
  4. @Dimu
    සහතික ඇත්ත මචෝ....
    @Malee
    කාට නොගෙනාවත් මලීට නම් චොකෝ ගේනවා...
    @Hasson
    එල මචෝ එල...සවුදි නම් එපා වෙනවා ඇති නේද?මෙහේ ටිකක් හොඳයි.අඩුම ගානෙ නියම කෙල්ලො හරි මෙහෙ ඉන්නවනේ...මොනවා නැතත් ලංකාව තරම් හොඳ රටක් නම් මේ ලෝකෙ නෑ නේද?ඒක තේරෙන්නේ පිට රටකට ආවම තමයි...එහෙනම් පුතේ ජය වේවා...

    ReplyDelete
  5. dannawada??mamath enawo...tawa tikadawasai..Saudi epama welwa tiyenne lankawe job kattak hoyagena innawa arenna aye nam Air port ekatawath yanne neha...Set wemu lankawedi Bay,,,

    ReplyDelete