Monday, January 19, 2009

බොලිවුඩ් උණට නියම බෙහෙත...

කොහොමද ඉතින්?හැමෝම කිසිම කරදරයක් නැතුව ඉන්නවා කියල හිතනවා.පහුගිය දවස් ටිකේ අපෙ සිංහල කියවනයේ පොඩි අවුලක් තිබුනා.දැන්නම් කිසිම අවුලක් නෑ.ඒකට මහන්සි උන මහත්තුරුන්ට බොහෝම පින්.
මට මේ ලගදි යාලුවෙක් දුන්නා නියම වෙබ් අඩවියක්.මේකෙ ඕනිම හිංදි චිත්‍රපටි ගීතයක් තියනව බාගත කරගන්න.වැඩේ සිද්ධ වෙන්නෙ සම්පූර්නයෙන්ම නොමිලේ.මම නම් හිංදි සින්දු අහන්නෙ කලාතුරකින්.ඒත් මම හොය හොයා හිටපු පරණ හින්දි සින්දු ටිකක් මේකෙන් මට හම්බුනා.දෙයක් තනියම රස විදිනවාට වඩා සෙට් එක ඒක්කම බෙදාගෙන රස වින්දිනකොට ඒකේ කික් එක වැඩියි කියනවානේ.....(හැම දේම නෙමේ මචෝ....සමහර ඒවා විතරයි...)මෙන්න මේකයි සයිට් එක. http://www.mp3hungama.com/මේකෙ හරිම පහසු විදිහට සිංදු ඛාන්ඩ කරල තියනව, හොයාගන්න ලේසියි.කියන්න අමතක උනා මේකෙ තියනවා මේ ලගදි ජනප්‍රිය උන හිංදි චිත්‍රපටි 3ක් බාගන්න(Rab Ne Bana Di Jodi, Ghajini , Dil Kabaddi ).මම නම් බෑව.කියලා තියෙන්නෙ DVD කොපි කියලා.ඒත් තියෙන්නෙ කැමරා කොපි.ඒත් එචරම අවුලක් නෑ වගේ.ඔයාලම බලන්නකෝ.එක්කම තවත් ඒකක් හම්බුනා. http://beemp3.com/ මෙකත් මම හිතන්නෙ හිංදි සින්දු හොයන Search Engine එකක් කියලා.මේකනම් වැඩිය අවුස්සලා බැලුවෙ නෑ.ඔයාල බලලා මටත් කියන්න.කියවපු, නොකියවපු හැමෝටම ස්තුතියි.

කවුරු හරි පින්වතෙක් ඉන්නවානම් මට කියා දෙන්න, බ්ලොග් අඩවියට ආපු අය කීදෙනෙක් ද කියලා ගනින මීටරයක් මගේ බ්ලොග් එකටත් දා ගන්නේ කොහොමද කියලා...අදට මෙච්චරයි...

2 comments:

  1. ඔබට http://www.histats.com වෙබ් අඩවියෙන් එ වැනි මීටරයක් ලබා ගන්න පුළුවනි. පළමු ව එයට පිවිසෙන්න. එහි දකුණු පස URL හි ඔබේ බ්ලොග් අඩවියේ URL එක ඇතුළත් කර අදාළ භාෂාව(English) තෝරා ලියාපදිංචි වන්න. පසු ව එහි ඇතුළත් උපදෙස් පිළිපදිමින් තමන් කැමති අතුරු මුහුණතක් ඇති මීටරයක් තෝරා ගන්න. මෙහි දී අවසාන පියවර වශයෙන් ඔවුන් විසින් ලබා දෙන HTML code එක copy කර ගන්න.
    පසු ව ඔබේ බ්ලොග් අඩවියේ Dashboard එකට (ඒ කිව්වේ ඔබේ බ්ලොග් අඩවියට Sign in වන්න) log වී Layout>Page Elements ගොස් Add Gadget තෝරන්න. එහි දී කවුළුවක් විවෘත වන අතර එයින් HTML/JavaScript යන්න තෝරන්න. තවත් කවුළුවක් විවෘත වන අතර එහි සුදුසු මාතෘකාවක් යොදා Content යන ස්ථානයට ඔබ කලින් copy කර ගත් HTML code එක paste කරන්න. පසු ව Save තෝරන්න. එ පමණ යි.
    මමත් මේ පිළිබඳ ව නිවැරදි ව ම යමක් නො දන්නා අතර මගේ බ්ලොග් අඩවියට නම් මීටරක් එක් කර ගත්තේ මේ අයුරිනි. ඔබත් උත්සහ කර බලන්න. හැකි අයුරින් මමත් උදව් කරන්නම්.
    ඒ වගේ ම ඔබ ලබා දුන් වෙඩ් අඩවි දෙකටත් ගොඩක් ස්තුතියි!

    ReplyDelete
  2. කසුන් අයියා මටත් කලින් කියලා නේද? http://www.statcounter.com/ එකෙනුත් ගන්න පුලුවන්. මේ එකේ සිතියමත් පෙන්වනවා. බොහොම ස්තුතියි ලිපියට. ඔහොම යං අයියේ...

    Comments වලට Word verification අයින් කරනවා නම් හොඳ දෙයක්

    ReplyDelete