Wednesday, January 28, 2009

"Benjamin Button"

ඔන්න අද කියන්න යන්නේ නියම චිත්‍රපටියක් ගැන.මේකෙ නම "Benjamin Button" .ප්‍රධාන නලුවා "Brad pit" .මතක ඇතිනේ Troy ,Mr & Miss Smith ,Fight Club ,වගේ ඔහුගේ ජනප්‍රිය උනු චිත්‍රපටි. "Benjamin Button" කියන චිත්‍රපටිය හරිම අමුතුම කතාවක්.ජීවිතය අවසානයෙන් ආරම්භ කරපු පුද්ගලයෙක් ගැන තමයි මේකෙන් කියවෙන්නේ.මෙවර ඇකඩමි සම්මාන 11 සඳහාම නාම යෝජනා උනු එකෙන්ම හිතා ගන්න පුලුවන්නෙ චිත්‍රපටිය කොහොමද කියලා.මගේ කැමතිම චිත්‍රපටි කීපය අතරට ගිය සතියේ එකතු උනු අලුත්ම ඒක තමයි මේ. මම නම් DVD එකක් අරන් තමයි බැලුවේ.මම හිතන්නේ torrent වල ඇති. මම torrent වල නම් බැලුවේ නෑ. නැතිනම් DVD එකක් සල්ලි වලට අරන් බැලුවත් පාඩු නෑ...

1 comment:

  1. මේක දිග වැඩියි, අනිත් එක ප්‍රේක්ශකයා වෙහෙසට පත්වන අකාරයේ මන්දගාමී වේගයකින් කතාව දිගහැරෙන්නෙ.

    ReplyDelete