Friday, January 16, 2009

film පිස්සුව තියන අයට...

අද මට හිතුනා film පිස්සුව තියන අයට film නොමිලේම බා ගන්න විදිහ ගැන විස්තර ටිකක් ලියන්න.හුගක් අය මේක දැනටමත් දන්නව ඇති.ඒත් නොදන්න අයට දැනගන්නත් ඒක්ක ලියන්නම්.මොකක් හරි අවුලක්,වැරැද්දක් තිබුනොත්ම් මාව නිවැරදි කරන්න.

1.Lime ware (http://www.limeware.com/)

මේක චිත්‍රපටි,mp3ගීත,මෘදුකාංග ආදී ගොඩක් දේවල් බා ගත කරන්න පුලුවන් file sharing ගනයේ මෘදුකාංගයක්.හැබයි මෘදුකාංග බාගත කිරීමේදී වයිරස් ගැන පරිස්සම් වෙන්න.ඉහත තියන ඈදුමෙන් ගිහින් මෘදුකාන්ගය නොමිලේම බා ගන්න පුලුවන්.සාමාන්‍යය විදිහට ස්ථාපනය කර ගන්න.ඊට පස්සේ කැමති චිත්‍ර පටියක් එහෙම තියනවනම්, Video කියන ටැබය තෝරගෙන චිත්‍රපටියේ නම හරියටම ඇතුල් කරලා Search කරන්න.සෙවුම් ගනනාවක් පෙනෙන්න ලැබෙයි.මේ පෙන්නන්නේ මේ මෘදුකාන්ගය භාවිතා කරමින් සිටින අය සතු,ඔබ සෙවූ චිත්‍රපටියයි.වැඩි දෙනෙක් ඇති තැනකින් බා ගත කර ගන්න.මේකෙ තියන වැදගත් දේ නම් 1% විතර බා ගත උනාට පස්සේ ඒ ටික play කර බැලිමේ අති හැකියාවයි.ඉතින් හොද කොපියක් නෙමෙයිනම් මකල දාල වෙන තැනකින් උත්සාහ කරල බලන්න.මේ විදිහට mp,වීඩියෝ ගීත බා ගන්න පුලුවන්.මම මේ මෘදුකංගය පාවිච්චි කරලා චිත්‍රපටි 200 ටත් වඩා බගත් කරලා තියනවා.99%ම හොද කොපි. avi fomat ඒකේ ඒවා අනිත් ඒවට වඩා දෘෂ්‍ය තත්වයෙන් උසස්...

4 comments:

  1. එළ් ඔහොම යං! ගමනේ යාන්...!

    Word verification අයින් කරනවා නම් එළ!

    ReplyDelete
  2. හපොයි වයිරස් එනවා නම් මම අදහස අතහැරලා දානවා..!ඕනි දෙයක් වයිරස් නම් බෑබෑබෑෑෑෑෑෑෑෑෑෑෑෑ

    ReplyDelete
  3. මේකට හොදම ටොරන්ට්‌ තමා. මොකද ටොර්රන්ට්‌ වල කොමෙන්ට්‌ස්‌ බලල ම බාගන්න පුලුවන් නේ. ලයිම් හි එන සමහර එව්ව නමට අදාල දේවල් නෙවෙයි. ලයිම් හොදයි සින්දු බාගන්න. හැබැයි ෆිල්ම් වගේ ඒවට ටොරන්ට්‌ තමා හොද. ගිහින් බලන්න කො http://mininova.org . ඩීවීඩී කොලිටියේ ඒව තියෙනව ඕන තරම්

    ReplyDelete
  4. LimeWire නම් virus සහ බොරු කොපි පිරිච්ච ලෝකයක්...සිංදු Download කරන්න තමයි මමත් පාවිච්චි කරන්නෙ... Films වලට නම් හොඳම විදිය ‍Torrent තමයි.

    ReplyDelete