
මේක තරමක් අමුතු කතාවක්! මාලදිවයින දැනට සියවස් ගනනාවකට පෙර පිරිසිඳු ථේරවාදී බෞද්ධ රටක් ව තිබුනාලු.එහෙව් රටට අද වන විට ඉස්ලාම් දහම හැර වෙනත් කිසිදු ආගමක් නොමැති තත්වයට පත් උන හැටි මාලදිවයිනේම ඉන්න මගේ යාලුවෙක් මට කිව්වා.මේ කතාව ඔව්න්ගේ ඉතිහාසයෙන් මකා දමා ඇති කතාවක්.
ඒ කාලේ මාල දිවයිනේ රජ කරේ ඉතාමත් කාමයට ලැදි රජ කෙනෙක්.කවුරුත් දන්නවානේ මාලදිවයින හැදිල තියෙන්නේ ඉතා කුඩා දූපත් සමූහයකින් බව.ඉතිං මේ රජා කරන්නේ තමාගේ චර පුරුශයන් මිනිසුන් වාසය කරන දූපත් වලට යවලා සුරූපී යුවතියන් ඉන්නා නිවාස වලට සලකුනක් දමන එකයි.(අපරාදෙ කියන්න බෑ...මාලේ ලස්සන කෙල්ලෝ ඉන්නවා නිකං මල් වගේ...)මේක වෙන්නේ හොර රහසේ...
යම් කිසි යක්ශයෙක් ඇවිත් නිවාස වල සළකුනක් දමා යන බවත්,එම නිවසේ ඉන්නා සුරූපී යොවුන් තරුණියක් එම යකාට බිලි දිය යුතු බවත්,එසේ නොවුනහොත් යකා මුලු රටම වනසන බවත් ඔය අතරේ රටේ ප්‍රචාරය කරවනවා.ඊට පස්සේ රජතුමා නිවේදනය කරනවා සලකුණු දමා ඇති ගෙවල්වල ඉන්න යුවතියන් රාජ පුරුශයන්ට බාර දෙන්න කියලා යකාට බිලි දෙන්න.ඔන්න ඉතිං පහුවදාට රාජ පුරුශයෝ යකාට බිලි දෙන්න කියලා කෙල්ලෝ උස්සං ගිහිං රජ තුමාට දෙනවා.රජ තුමා මුලින්ම තරුණියව කෙලෙසලා ඔහුගේ හිතවතුන්ටත් දීලා මරලා දානව...
රජා නෝන්ඩි නැතුව යකා පිට දාලා ඔය වැඩේ බොහෝම කාලයක් කරගෙන ගියාලු.
ඔය අතරේ මාල දිවයිනට අරාබියේ සිට පැමිනි ඉතා බලවත්,ධනවත් වෙලෙන්දෙක්ට මේ කතාව ආරන්චි උනා.ඔහුට මේ ගැන සැක හිතිලා දින ගනනාවක් මේ ගැන සෙව්වාලු.පස්සේ වැඩේ අහු උනා...මොහු කෙලින්ම රජු හමුවට ගියාලු.ඊට පස්සේ තමා සියල්ල දන්නා බවත්,මේ රහස එලි කරහොත් ජනතාව කුපිත වී රජ කම අහිමි විය හැකි බවත් කීවාලු.ඉතා භීතියට පත් රජතුමා රහස එලි නොකරන ලෙස බැගෑපත් වී තමා ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට කැමති බවත් කියා සිටියාලු.
මේක අවස්තාවක් කරගත්තු ඉතා බලවත් අරාබි වෙලෙන්දා (නම මතක නෑ...)රහස එලි නොකිරීමටනම් මින් පසු එම වරද නොකරන ලෙසත්,අරාබි කරයෙන් පැමිනි තමන් මුස්ලිම් ආගමේ බලයෙන් යක්ශයා විනාශ කර බවත්,එම නිසා මුස්ලිම් ආගම ඉතා බලවත් බවත්,සෑම දෙනාම මෙතැන් පටන් බුදු දහම අතහැර ඉස්ලාම් දහම වැලඳ ගත යුතු බවත් දැන්වීය.රජා එදා පටන් මාල දිවයින ඉස්ලාම් රාජ්‍යයක් ලෙසට ප්‍රකාශයට පත් කරාලු.අදටත් වෙනත් කිසිදු ආගමක් හෝ ආගමකට සම්බන්ද ලිපියක් හෝ මාලදිවයිනේ පල නොවේ.කොටින්ම කියනවානම් වෙසක් කාඩ් එකක්,නත්තල් කාඩ් එකක් වත් මාලදිවයිනට තැපෑලෙන් එන්නේ නෑ.ඔවුන් ඒවා විනාශ කරනවා.එසේ මුස්ලිම් වරුන් විනාශ කර දැමූ වෙහෙර විහාරස්තාන වල නටඹුන් අදටත් දකුණු දෙස ඇති සමහර ජන ශුන්‍ය දූපත් වල තිබෙනවාලු.මේ කතාවේ සත්‍ය අසත්‍ය නම් මම හරියටම දන්නේ නෑ.ඒත් පෙර බෞද්ධ රටක් ව තිබී පසුව බලහත් කාරයෙන් ඉස්ලාම් දහම වැලදගත් බව නම් විශ්වාස කරන්න පුලුවන්.






