Friday, April 9, 2010

ෆේස් බුක් හරහා බලු වැඩ කිරීම


ෆේස් බුක් කිව්වම අද නොදන්න කෙනෙක් නැති තරම්නේ...මම ෆේස් බුක් එකටසෙට් උනේ දැනට වසර 2කට පමණැ පෙර.ඇත්තටම එවැනි සමාජ ජාල වෙබ් අඩවි වලින් ලොකු සේවාවක් වෙනවා.කාලෙකින් හමු නොවුනු මිතුරන් බොහෝ දෙනෙක් මට ෆේස් බුක් හරහා හමු උනා.ඇත්තටම කියනවානම් මම ෆේස් බුක් වලට වහ වැටිලා හිටියේ.ඒත් දවසක් මගේ යෙහෙලියක් මට කතාකරලා අමුතු විදිහට ප්‍රශ්න වැලක් ඇහුවා.මොකක් හරි අවුලක් වෙලා කියල මට වැටහුනා.පස්සේ එයාම කිව්වා "ඔයාගේ පින්තූරය දා ගත්තු ඔයාගේ නමටම සමාන නමක් තියන ෆේස් බුක් සාමජිකයෙකුගෙන් ඇරයුමක් ලබුනා...ඉතිං මම ඔයා කියල හිතාගෙන ok කරා...ඒත් එයා නරක යෝජනා,නරක දේවල් එවනවා" කියලා.එදාම මගේ නංගිත් කතා කරලා ඔය වගේම කතාවක් කිව්වා.මම ඇත්තටම බය උනා.
කවුරු හරි මගේ ෆේස් බුක් ගිනුමේ තිබුනු මගේ පින්තූර ටික අරගෙන,මගේ නමට සමාන නමකින් ගිනුමක් ආරම්භ කරලා මගේ ගිනුමේ හිටි ගෑණු ලමයි හැමෝටම ඉන්වයිට් කරලා.හුඟ දෙනෙක් මම කියලා හිතාගෙන ok කරලා.මේ යකා උන්ට නොයෙක් විකාර,නරක දේවල් ලියලා.මගේ හිටපු හුඟක් මිතුරියෝ මාත් එක්ක තරහා උනා.කීපදෙනෙක්ට කරුනු පහදලා ආයේ ශේප් කර ගත්තා.තාමත් ඌ මගේ පින්තූරයක් දාගෙන ඉන්නවා.බොරුනම් මෙතන ක්ලික් කරලා බලන්න.නැත්නම් ' කසුන් නිලන්ත ' කියලා ෆේස් බුක් එකේ සොයලා බලන්න.මට ඔය සිද්දියෙන් පස්සේ ෆේස් බුක් එපාම උනා.මම අදටත් අත්‍යාවශ්‍යම කරුනකට හැර ෆේස් බුක් එකට යන්නේ නෑ.ඌ දාලා තියෙන්නේ මම ඩුබායි ඉන්නකොට ගත්තු පින්තූර ටිකක්...පස්සේ මම මගේ පින්තූර මිතුරන්ට හැර වෙන අයට බලන්න බැරි වෙන්න දැම්මා...ඒත් ඉතින් වෙන්න ඕනි හරිය වෙලා ඉවරයි...මුන් වගේ උන් සමාජයටම පිලිලයක්!මමනම් හැමෝටම කියන්නේ තමාගේ පුත්ගලික පින්තූර අන්තර්ජාලයටනම් දාන්න එපා කියලා...

19 comments:

  1. good advice....actually many people don't know how to set privacy setting in FB.

    ReplyDelete
  2. elakiri api geak demu oyavage ewun mama hoya hoya inne elazzzzzz dennam jamboo mage yaluwekuth eke innava wena prf ekakin hikzzzzzzz dan baba duvai kiwwalu :D aith fb enna nathi wennama denna one oya vage kala kanniyanta :D

    ReplyDelete
  3. අන්තර්ජාලය යනු එතාමත් පරිස්සමෙන් හැසිරියයුතු තැනක්.ලංකාවෙ එකපාරටම බිහිවු 3G mobile තාක්ශණය නිසා.අන්තර්ජාල බාවිතාකරන අය හතු පිපෙනව වගේ වැඩිවුනාට හරියට දැනගෙන එක පාවිච්චිකරන අය ගොඩක් අඩුවුනා.සාමන්ය ජීවිතේ සමහර අයට කරගන්න බැරි ෆැන්ටසි අන්තර්ජාලය හරහා කරගන්න පෙළඹුනා.මෙ සිද්දියත් ඒවගෙ මෝඩ ආතල් එකක් අරගන්න හදපු බුවෙක් ගෙ වැඩක්!

    ReplyDelete
  4. හප්පා . . .මේක දැක්කම අම්බානකට බය හිතුනා . . .

    මමත් අබුඩාබි ඉන්න නිසා නෑදෑයෝ යාලුවෝ ලොකේ වටේ නිසා මගේ පින්තූර පවුලේ පින්තූර ඉස්සර ගත්තු පින්තූර එහෙම එකේ දානවා . . .

    අදම හදන්න ඕන සෙටින්ග්ස් . . ස්තූතියි

    ReplyDelete
  5. Macho Uba kohomahari a profile aka Fake akak kiayala FB akata REPORT karapan apith puluwan help akak dennam.

    ReplyDelete
  6. මේ ඔයා දන්න එකෙක්ගේ වැඩක්....

    ReplyDelete
  7. මෙන්න බොලේ අර ලින්ක් එකට ගියාම මට Mutual Friends ලා පෙන්නනවා... කෙලිය

    ReplyDelete
  8. අයියේ මාත් මේක කව්රුහරි කතා කරනකම් හිටියේ....මටත් හරියට ඔය වැඩේ වෙනවා.ඇත්තමයි මට වෙලවකට හිතෙනෙවා ගැණූ කෙනෙක්ට මේ වගේ කැත දේවල් කියන මුන් අම්මා කෙනෙක්ගේ බඩක් ඇතුලේ ඉදලාද එලියට ආවේ කියලා.ඒ තරම් ජරා යක්කු ඉන්නේ.මං නම් දැන් face-book යන්නෙත් හරිම අඩුවෙන්.ගියත් හරිම ටික කාලයක් අතුලත log out වෙනවා.ඔය වදේ මට ගිය බදාදාත් උනා.උටනම් මං කිව්වා ඔය මට කරපු යොජනාව ඉස්සෙල්ලම උබේ අම්මාට දාලා බලපනනෙයා කැමති උනොත් සහොදරියෝ ඉන්නවනම් ඒයලටත් දාලා බලපන් කියලා.ඇත්තමයි මේ තිරිසන්නු ගැන මටනම් පුදුම අප්පිරියවක් තියේන්එ.
    මං පාවිච්චී කරපු වචන ටිකක් හරි මදි වගේ...ඒ ගැන ගැන හැමොම මට සමාවෙන්න.මුන්ට මේ කතා කරත් හොද වැඩී කියලා මට හිතේන්නේ.....

    ReplyDelete
  9. මමත් දැන් මූණු පොතට යන්නෙම නැහැ. ඇත්ත යාලුවො කව්ද , බොරු යාලුවො කව්ද , හොයාගන්න බැහැ.

    ReplyDelete
  10. ඇත්ත, ෆේස් බුක් හොඳයි. හැබැයි මේ වගේ බලු වැඩ කරන බල්ලො ඉන්නකම්, කොච්චර ප්‍රයොජනවත් යහපත් දෙයක් උනත් එපා වෙනවා. මගේ යාළුවෙකුටත් ඔකම ඔනා. ඒ සිද්ධියෙන් පස්සේ තමයි මමත් ටිකක් කල්පනාකාරි උනේ.

    ReplyDelete
  11. ඒක නම් ඇත්ත.. අන්තර්ජාලය කියන්නෙ ඉතා පරිස්සමින් පාවිච්චි කරන්න ඕන දෙයක්. ඔය වගේ මානසික රෝග තියන එකෙක් දෙන්නෙක් හරි ඉන්නව.. ඒකට ඉතින් කරන්න තියෙන්න අපි පරිස්සම් වෙන එක තමයි.

    ReplyDelete
  12. පොඩි උපදෙසක් දෙන්නම්.
    facebook එනේ මිතුරු ලයිස්තු හදන්න පුලුවන් බව දන්නවනේ.
    ඒ විදියට පොටෝ ඇල්බම් අප්ලෝඩ් කලාම ඒවා අර මිතුරු ලයිස්තු එකකට හෝ කීපයකට, නැත්තම් නම් වශයෙන් සඳහන් කරන පුද්ගලයන් පිරිසකට පමණක් බලන්න පුලුවන් විදියට සෙටිංග්ස් හදන්න පුලුවන්.

    හැමවෙලාවෙම මේක අනුගමනය කරන්න.
    උදාහරනෙකට ඔබ පෙම්වතිය සමග ගන්නා ඡායාරූප ෆේස්බුක් එකට දානවනම් ඒවා ඔබටත් ඇයටත්, ඕනෙනං ලඟම යාලුවො කීපදෙනෙකුටත් පමණක් බලන්න පුලුවන් විදියට සෙටිංග්ස් හදලා දාන්න. ජීවිතේට දැකලා නැති අයට ඒවා පෙන්නන්න අවශ්‍යතාවයක් නෑ නේද?

    ReplyDelete
  13. අපි හැමෝම එකතු වෙලා මේ profile එක facebook එකට report කරමු. එතකොට මේක ඉවත් කරයි.

    ReplyDelete
  14. ශාකුන්තල කිව්වා වගේ ඔයාට රිපොට් කරන්න පුලුවන් මට කරදර ඔන එකකුට මම ඒ දේ හැමදාම කරනවා

    ReplyDelete
  15. බොහෝම ස්තුතියි යාලුවනේ...
    මම හිතුවෙ නෑ මේ ලිපියට මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා.කවදාවත් දැකලා නැති,ඒත් කරදරයකදී උදව් වෙන ඔයාලා වගේ අන්තර්ජාල මිතුරන් පිරිසක් ඉන්න එක කොයි තරම් සතුටක්ද? face book එකට report කරන්නේ කොහොමද?

    ReplyDelete
  16. මුලින්ම ඔය අපතයාගේ profile එකට යන්න.
    වම් අත පැත්තේ පහළින්ම ඇති ලින්ක් එකක් Report/Block this person කියලා. ඒක ක්ලික් කරන්න. එතන තියෙනවා report කරන options. Impersonating my profile කියන එක තමා චෝදනාව විය යුත්තේ.

    මතක තියාගන්න -- අපි හැමෝම එකතු වෙලා සාමුහිකව මෙය කළ යුතුයි. මම දැනටත් report කරල තියෙන්නේ. දැන් ඉතින් ඔබේ වාරය. :-)

    ReplyDelete
  17. අයියෝ මං අර අපතයාව මගේ යාලුවෝ ලිස්ට් එකෙන් remove කලානේ....අපරාදේ.එහෙම report කරපුවම මොකද ඒ අයට වෙන්නේ

    ReplyDelete
  18. @මම,
    remove කළා කියල ගැටළුවක් නෑ. report කරන්න පුළුවන්. මෙතනට ආදේශ කරන්න පුළුවන් වටු කුරුල්ලොන්ගෙ කතාවම තමයි. සෑහෙන පිරිසක් එකතු වෙලා එකම profile එක report කරද්දි නිසි බලධාරීන්ගෙ ඇස් ඇරවෙනවා.

    ReplyDelete
  19. ස්තූතියි මචං....
    මම report කරන්න ට්‍රයි කරා.උගෙ url එක වැරදියි කියනවානේ..

    ReplyDelete